42.31%
17.27%
32.76%
September 15, 2023

ඔක්තෝබර් 11 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දියානු සාගර කලාපීය සංගමයේ 23 වැනි ඇමැති මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු සාගරය සඳහා “ආචාරධර්ම පද්ධතියක්” හඳුන්වාදීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසා ඇත.

ශ්‍රී ලංකාව 2023 සිට 2025 දක්වා කාලය සඳහා ඉන්දියානු සාගර කලාපීය ආයතනයේ (Indian Ocean Rim Association (IORA)) සභාපතිත්වය දෙවන වරටත් භාරගැනීමට නියමිතව තිබේ.

ලබන වසරේ IORA නායකයන්ගේ සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනා කර ඇති බව ද ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඇමැතිවරයා පවසා ඇත්තේ, ඉන්දියානු සාගර කලාපය සාම කලාපයක් ලෙස පවතින බව සහතික කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි.

ඉන්දියානු සාගර කලාපයේ වැඩිවෙමින් පවතින මහා බල එදිරිවාදී සටනේ බලපෑම අවම කර, IORA නීති රීති මත පදනම් වූ නියෝග පිළිපදින අතරම වෙළඳාම සහ වාණිජ්‍යය සඳහා සියල්ලන්ටම ඉන්දියානු සාගරය විවෘත කිරීමට ශ්‍රී ලංකාව උත්සාහ කරන බව ද ඔහු අවධාරණය කර තිබේ.

ඉන්දීය සාගර කලාපීය සංගමයේ රැස්වීමේදී සමුද්‍රීය ආරක්ෂාව, වෙළඳ සහ ආයෝජන, ආපදා අවදානම් කළමනාකරණය, ශාස්ත්‍රීය, විද්‍යාව සහ සහයෝගීතාව, කාන්තා සවිබල ගැන්වීම සහ ආර්ථිකය යන ප්‍රමුඛතා ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරනු ඇති බව වාර්තා සඳහන් කරයි.

1997 දී පිහිටුවන ලද IORA හි රටවල් 23 ක් සාමාජිකත්වය දරනු ලබයි.

42.31%
17.27%
32.76%