August 30, 2024

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අද (30) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික සහයෝගීතාව පිළිබඳව ඔවුන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අනතුරුව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකද හමුවී ඇත.