Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික)
සම්පත් තුයියකොන්ත හමුවී තිබේ.
ඊයේ පැවැති එම හමුව ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව එම සාකච්ඡා වලදී අවධානය යොමු වූ අතර, රටවල් දෙක අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා අවධාරණය කර තිබේ.
ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් කලාපීය ආරක්‍ෂාව සහ සමුද්‍රීය සහයෝගීතාව පිළිබඳව ද ඔවුන් එහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.
ආරක්‍ෂක කටයුතුවලදී, විශේෂයෙන්ම ත්‍රස්තවාදයට එරෙහි වීම, සමුද්‍රීය ආරක්‍ෂාව සහ ආපදාවලට ප්‍රතිචාර දැක්වීමේදී ශ්‍රී ලංකාවට ඉන්දියාවේ නොසැලෙන සහයෝගය ලබාදෙන බව ඉන්දීය මහකොමසාරිස්වරයා එහිදී අවධාරණය කර ඇත.
ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දියාවේ අඛණ්ඩ සහය සඳහා කෘතඥතාව පළකර ඇති අතර, කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ආරක්‍ෂක හවුල්කාරිත්වයේ වැදගත් කාර්යභාරය අගය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart