Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස විපක්ෂ නායක නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම්වලින් ඉල්ලීමක් කර තිබේ.
ඉන්දියානු සමාගම් සමග පසුගියදා පැවති රැස්වීමකදී ඔහු ප්‍රකාශ කර තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ස්ථාවරත්වය සහ වර්ධනය ඇතිකිරීමට පොරොන්දු වන බවයි.
ප්‍රේමදාසගේ පාලනයක් තුළ අනාගත ආයෝජකයන්ට හිතකර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කරන බවට ද සහතික වී තිබේ.
සෑහෙන අඳුරක් පෙනුණ ද තවත් මාස කිහිපයකින් රිදී රේඛාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු බව ප්‍රේමදාස එහිදී ප්‍රකාශ කර ඇත.
ප්‍රේමදාස ඉන්දියාවේ ඉහළම සමාගම් 500,000ක් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වීමට තම සැලසුම් එහිදී ඉස්මතු කරමින් ඔවුන්ට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට ද ආරාධනා කර තිබේ.
එම සමාගම් වර්ධනයට අවශ්‍ය දිරිගැන්වීම්, සහයෝගය සහ පහසුකම් ලබා දීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කර ත.
ආයෝජන සඳහා උත්ප්‍රේරකයක් සහ පහසුකම් සපයන්නකු ලෙස ක්‍රියා කරන බවත්, ඒවායේ ආරක්ෂාව සහ සහයෝගය සහතික කරන බවටත් ඔහු ප්‍රතිඥා දී තිබේ.
ව්‍යවසායකත්වයට සහ සකසුරුවමට සහය වන ව්‍යාපාරික පරිසරයක් සහතික කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
දැනට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සිතා නොමැති මිතුරන් සහ හවුල්කරුවන් ගෙන්වා ගන්නා ලෙස දැනට සිටින ඉන්දීය ආයෝජකයන් දිරිමත් කිරීමට ද ඔහු කටයුතු කර තිබේ.
සිය නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආයෝජන සඳහා දීප්තිමත් අනාගතයක් පොරොන්දු වන බව ද සජිත් ප්‍රේමදාස පොරොන්දු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart