Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයේ ඉන්දීය සංචාරය හදිසියේ සිදුවූවක් නොවන බවත්, පසුගිය දෙසැම්බරයේ මෙම ආරාධනය ලැබුණු නමුත් කාලසටහන දැඩිවීම නිසා සංචාරය පෙබරවාරි මාසය දක්වා වෙනස් වූ බවත් එම සංචාරයට සහභාගී වූ ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියාසිටියේය.
ඉන්දියාව ඔවුන්ට දින 10ක සංචාරයක් සඳහා ආරාධනා කළ නමුත්, පක්ෂ ක්‍රියාකාරකම් හේතුවෙන් සංචාරය දින පහකට අඩුකිරීමට සිදුවූ බවත් ඔහු අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
“දින දහයක සංචාරයක් සඳහා ඉන්දියාවෙන් ආරාධනය ලැබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී. නමුත් අපේ කාර්යබහුල කාලසටහන හේතුවෙන් සංචාරය කල් දැමීමට අපට සිදුවුණා. ඒ වගේම සංචාරය දින පහකට සීමාකිරීමට සිදුවුණා” යැයි ඔහු සඳහන් කළේය.
ජාතික ජන බලවේගය වෙත ලැබුණු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පළමු ආරාධනාව මෙය නොවන බව පැවසූ මන්ත්‍රීවරයා, ජාජබ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිසක් චීනයේ සංචාරය කළේද එලෙසම බවද පැවැසීය.
“චීන සංචාරයට ඉන්දීය සංචාරයට තරම් ලොකු ප්‍රචාරයක් දුන්නේ නැහැ. මම හිතන්නේ ඉන්දියාව සම්බන්ධයෙන් අපි කලින් දැරූ ස්ථාවරය නිසා අපේ ඉන්දීය සංචාරය වැදගත් දෙයක් ලෙස ජනතාව දකින්න ඇති.”
ඉදිරි මැතිවරණවලදී ඉන්දියාව ජාජබට සහාය දෙන බවට සහතික වී ඇත්දැයි ජනමාධ්‍යවේදීන් ඇසූ විට ඔහු පැවසුවේ, එවැනි කිසිදු කරුණක් සාකච්ඡා කර හෝ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර නොමැති බවයි.
“රටවල් සහයෝගය දෙන්නේ ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ආණ්ඩුවලට. ඔවුන් දේශපාලන පක්‍ෂවලට බලය ලබාගන්න සහාය දෙන්නේ නැහැ.”
අදානි සහ අමුල් වැනි ඉන්දීය ආයෝජකයන් සම්බන්ධයෙන් ජාජබ සිය ප්‍රතිපත්තිය වෙනස් කර තිබේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ, අනවශ්‍ය යෝජනා යටතේ ආයෝජකයන් තෝරා ගැනීමට සිය පක්ෂය විරෝධය පළකරන බවයි.
ජාජබ ආණ්ඩුවක් ඕනෑම රටක ආයෝජකයන් සාදරයෙන් පිළිගන්නා බව පැවසූ ඔහු, ආයෝජන ක්‍රියාවලිය විනිවිදභාවයකින් සහ නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් සිදුවන බව පැවැසීය.
සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ එය සාර්ථක වූ බවත්, සංචාරයේදී ඔවුන් ඉගෙන ගත් බොහෝ දේ ජාජබ පාලනයක් විසින් ක්‍රියාවට නංවන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart