June 25, 2024

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සමත්ව තිබේ.

ඒ සුපිරි අටදෙනාගේ වටයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ (24) පැවති තරගයේදීය.

එම තරගය ලකුණු 24කින් ජයගත් ඉන්දියාව අපරාජිතව T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

එම තගරයේ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර එහිදි පන්දු 19කදී අර්ධ ශතකය වාර්තා කිරීමට නායක රොහිත් ෂර්මා සමත් වන්නේ ප්‍රබල ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ට ප්‍රබල ප්‍රහාරයක් දියත් කරමිනි.

ෂර්මා මිචෙල් ස්ටාක්ගේ පන්දුවකට දැවි ගියේ හයේ පහර 08ක් සහ හතරේ පහර 07ක් සමගින් පන්දු 41කදී ලකුණු 92ක් ලබා සිටියදීය.

රෝහිත් ෂර්මා ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ අර්ධ ශතකය T20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වාර්තා වූ වේගවත් 07 වැනි අර්ධ ශතකය ලෙස සටහන් වේ.