June 21, 2023

කොළඹ වරාය නාවික රාජ්‍ය තාන්ත්‍රික මණ්ඩපයක් බවට පත්වෙමින් තිබෙන අතර, ප්‍රංශ නාවික සංඥා බුද්ධි (SIGNIT) නෞකාවක් වන Dupuy de Lôme (A759) නෞකාව දින හයක නිල සංචාරයක් සඳහා අද(21) වරායට පැමිණ තිබේ.

පසුගියදා පැමිණි PNS Tippu Sultan (F263) නෞකාව සහ ඉන්දීය නාවික හමුදාවේ INS Vagir (S25) සබ්මැරීනය ද වාරයේ නැංගුරම්ලා ඇත.

Dupuy de Lôme නෞකාවේ කාර්ය මණ්ඩලය දිවයිනේ රැඳී සිටින කාලය තුළ සංචාරක ආකර්ෂණීය ස්ථාන කිහිපයක් නැරඹීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.

එම යාත්‍රාව මීටර් 102.40 – දිගු විද්‍යුත් චුම්භක පර්යේෂණ යාත්‍රාවක්වන අතර, ඊට 107 දෙනෙක්ගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඇතුළත් වේ.

ඔගස්ටින් බ්ලැන්චෙට්ය නෞකාවේ අණදෙන නිලධාරියා වේ.

Dupuy de Lôme, ප්‍රංශ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (Direction du reseignement militaire, DRM) සමඟ සමීපව සම්බන්ධ වී ක්‍රියාත්මකවන බව සැළකේ.

එය අභ්‍යන්තර ගැටුමේ උච්චතම අවස්ථාව වන විට සිරියාවට දූත මණ්ඩල සඳහා යොදවා ඇති අතර, මෑතකදී තායිවානය සහ චීනය අතර ෆොමෝර්සා සමුද්‍ර සන්ධිය (2021) හරහා ගමන් කිරීම සඳහා යොදවා ඇත.

එමෙන්ම මීට පෙර චීන රජයට අයත් Yuan Wang 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණීමෙන් පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති වූ අතර, චීන යාත්‍රාවක් පැමිණීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ද කනස්සල්ල පළ කළ කර ඇත.

Yuan Wang 5 ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමෙන් පසුව මෙරට නාවික ප්‍රතිපත්තිය පිළිබඳව සමාලෝචනයක් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබිණි.