Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබූ බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල වීමත් සමඟ ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත දැඩි විරෝධයක් දක්වා තිබේ.
ඉකුත් දා වාර්තා මෙම සිද්ධියෙන් කරෙයිකාල්හි ධීවරයන් දෙදෙනෙකු තුවාල ලබා තිබිණි.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නවදිල්ලියේ සිටින ශ්‍රී ලංකා වැඩබලන මහකොමසාරිස්වරයා කැඳවා ඉන්දීය ධීවරයින්ට වෙඩි තැබීම් සහ රඳවා තබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සිය විරෝධය පළකර ඇත.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්දීර් ජයිශ්වාල් සති අන්තයේ පැවැති ජනමාධ්‍ය හමුවේදී මෙම විරෝධතාව සනාථ කර තිබේ.
ඔහු පැවසුවේ, ශ්‍රී ලංකා බලධාරීන් ඉන්දීය ධීවරයන් 13 දෙනකු රඳවාගෙන ඇති අතර ඉන් පස්දෙනෙකු තුවාල ලබා ඇති බව සහ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාකලාපය හෙළාදකින අතර එවැනි සිදුවීම් වහාම නතර කරන ලෙස ඉල්ලා සිටින බව ද ඔහු පැවසුවේය.
“මට ඔබට කියන්න පුළුවන් අවසාන ජනමාධ්‍ය නිවේදනය නිකුත් කළේ අත්අඩංගුවට ගත් ධීවරයින් 13 දෙනෙකු සම්බන්ධයෙන් වන අතර ඔවුන්ගෙන් 5 දෙනෙකුට ද තුවාල සිදුවුණා. ඔවුන්ගෙන් 2 ක් බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා. ඉන්පසුව ඒ පිළිබඳව දැඩි විරෝධයක් දැක්වීමට ශ්‍රී ලංකා වැඩබලන මහකොමසාරිස්වරයා දිල්ලියට කැඳවීමට අපට සිදුවුණා. අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු මීට පෙර නිදහස් කර චෙන්නායි වෙත යවා තිබෙනවා. ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු පෙරේදා නිදහස් කර ඇත්තේ ඉන්දීය ධීවර ගැටළුව සම්බන්ධයෙන් පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේයි.” යනුවෙන් ජයිශ්වාල් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart