Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ දැනට ජීවත් වන ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ මෙරටට පැමිණ 200 වසර සැමරීම වෙනුවෙන් භාරතීය ජනතා පක්ෂයේ ජාතික සභාපති ජේ.පී.නඩ්ඩා මුද්දරයක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.
ඉන්දියාවේ 2024 ප්‍රාන්ත මැතිවරණයට පෙර දෙමළ ඡන්දදායකයන් ආකර්ෂණය කර ගැනීමේ උත්සාහයක් ලෙස විශ්ලේෂකයෝ මෙය පෙන්වාදෙති.
මූළික වශයෙන් ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජාතිකයන්ගේ දායකත්වය පිළිගැනීමේ අරමුණින් මෙම මුද්දරය නිකුත් කර ඇති බව පැවැසේ.
භාරතීය ජනතා පක්ෂයේ මධ්‍යම කාර්යාලය කේන්ද්‍ර කරගත් උත්සවයේදී අදහස් දක්වමින් නඩ්ඩා පැවසුවේ, “මෙය සැබවින්ම ඓතිහාසික අවස්ථාවක්. බ්‍රිතාන්‍යයන් විසින් පැරණි ලංකාවට ගෙන යන ලද, මදුරාසි ප්‍රදේශයට අයත් ජනතාව විසින් විඳ දරාගත් අන්ත දුෂ්කරතා සමෙන්ම ගෞරවය සහ පිළිගැනීම ලබා ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ දිගු අරගලය අප සිහිපත් කරනවා.” යනුවෙනි.
නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවේ කැපවීම යළි සිහිකැඳවමින් නඩ්ඩා වැඩිදුරටත් කියා සිටියේ, ආණ්ඩුව මෙන්ම භාරතීය ජනතා පක්ෂය ද ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ සුභසාධනය සහ සමෘද්ධිය සඳහා ගැඹුරින් කැපවී සිටින බවයි.
“අපි ඔවුන්ට නිවාස, සෞඛ්‍ය පහසුකම් සහ අනෙකුත් මූලික අවශ්‍යතා සැපයීමට, ඔවුන්ගේ ජීවන පහසුව සහතික කිරීමට නොපසුබටව කටයුතු කරමින් සිටිනවා,” යැයි ඔහු කියා සිටියේ නරේන්ද්‍ර මෝදි 2014 වසරේ අගමැති වීමෙන් පසු යාපනයට ගොස්, ඉන්දියානු සම්භවය සහිත දෙමළ ජනතාවට නිවාස ලබා දෙන බවට වූ පොරොන්දු සිහිපත් කරමිනි.
සිය ජනතාවට ශ්‍රී ලංකාවේ ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබෙන්නේ එවිට බවත්, 2017 දී යාපනයේ සංචාරයක නිරත වූ අගමැතිවරයා ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ නිවාස 14,000ක් ලබාදෙන බවට පොරොන්දු වී එය ඉටු කළ බවත් පැවසීය.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ රජය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සුබසාධනය ගැන සැබවින්ම සැළකිලිමත් වන බවට නඩ්ඩා සහතික විය.
උත්සවයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් ද ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් අගමැතිවරයාගේ සැළකිල්ල අගය කළේය.
“ආර්ථික අර්බුදයකදී සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට ලබාදුන් සහයෝගයට මම අගමැති මෝදිට ස්තූතිවන්ත වෙමි. ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාව තුන්වැනි විශාලතම ජනවාර්ගික කණ්ඩායමයි, ”නඩ්ඩා පැවසීය.
ගතානුගතික ඇස්තමේන්තුවකට අනුව, ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජාතිකයන්ගෙන් බහුතරයක් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජීවත් වන අතර, දෙමළ භාෂාව ඔවුන්ගේ මව් භාෂාව ලෙස කතාකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart