April 24, 2025

ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයින් 26 දෙනකු මියයයෑමේ සිද්ධියෙන් දිනකට පසු ඉන්දියාව පාකිස්ථානයට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දු ජල ගිවිසුම අවලංගු කරන බවයි.

එමෙන්ම පාකිස්ථාන ජාතිකයින්ට ඉන්දියාව තුළ සාර්ක් වීසා බලපත්‍ර නොලැබෙන බව ද ඉන්දියාව පවසා තිබේ.

ඊට අමතරව පාකිස්ථානය සමඟ පවතින වගා දේශසීමා ඉන්දියාව වසාදමනු ඇත.

ඉන්දියාව පාකිස්ථානයේ පිහිටි සිය මහකොමසාරිස් කාර්යාලයෙන් කාර්ය මණ්ඩලය ඉවත් කර ගැනීමට ද තීරණය කර තිබේ.

SAARC Visa Exemption Scheme යටතේ පාකිස්ථානු ජාතිකයින්ගේ වත්මන් වීසා බලපත්‍ර අවලංගු කර ඇති අතර, ඔවුන් පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටවිය යුතු බව ද ඉන්දීය රජය මේ වනවිටත් දැනුම් දී ඇත.