Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාවික හා ගුවන් සේවා ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතුවලට මෙන්ම උතුරේ සංවර්ධන කටයුතු සදහා ඉන්දියානු රජයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව නව ඉන්දියානු මහකොමසාරිස් සංතොෂ් ජා පවසයි.
අද පෙරවරුවේ නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා හමු වූ අවස්ථාවේදී හෙතෙම මේ බව සදහන් කර ඇත.
මෙහිදී, පලාලි ගුවන්තොටුපල, කන්කසන්තුරේ වරාය, තලෙයි මන්නාරම් වරාය හා ත්‍රිකුණාමල යන වරායන්හි සංවර්ධන කටයුතු පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආයෝජනය සදහා ඉන්දියානු ආයෝජකයන්ට අවස්ථාව ලබාදීමටත්, නැව් හා කුඩා යාත්‍රා ඉදිකිරිම් කටයුතු සදහා කර්මාන්තශාලා පිහිටුවිමට ත්‍රිකුණාමල වරාය ප්‍රදේශයේ ඉඩකඩ ලබාදීමටත් කටයුතු කරන බව ඇමැති නිමල් සිරිපාලද සිල්වා මෙහිදී පවසා ඇත.
පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සදහා ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දියානු මහකොමසාරිස් ප්‍රකාශ කර තිබේ.
අසල්වාසි රාජ්‍යයන් දෙකක් වන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින සහෝදරත්වය තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් සදහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart