July 19, 2023

ආසියානු කුසලාන තරගාවලිය තරග 13 කින් සමන්විත වන අතර, ඒ සියල්ල පාකිස්ථාන සම්මත වේලාවෙන් පස්වරු 01ට (ශ්‍රී ලංකාවේ සම්මත වේලාවෙන් සහ ඉන්දීය සම්මත වේලාවෙන් පස්වරු 1.30 ට) ආරම්භ වේ.

2023 ආසියානු කුසලාන තරඟාවලියේ බොහෝදෙනා බලා සිටි පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගය සැප්තැම්බර් 02 වැනිදා මහනුවරදී පැවැත්වීමට නියමිතව ඇත.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් ප්‍රථමයෙන් සැලසුම් කරන ලද දිනයට වඩා දිනකට පෙර, එනම් අගෝස්තු 30 වැනිදා මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතය.

නවතම කාලසටහනට අනුව, ආරම්භක තරගය මුල්තාන් හිදී පැවැත්වෙන අතර එහිදී සත්කාරක පාකිස්ථානය සහ නේපාලය අතර තරගය පැවැත්වේ.

අවසන් මහා තරගය සැප්තැම්බර් 17 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත්, ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් අවසාන කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට පෙර, වත්මන් කාලසටහන තවදුරටත් වෙනස්කම් වලට යටත් වන බව සඳහන් කර අත.

කවුන්සිලය අනුමත කරන ලද දෙමුහුන් මාදිලිය හේතුවෙන්, සත්කාරක පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය (PCB) විසින් සකස් කරන ලද මුල් කෙටුම්පත් කාලසටහන දැනටමත් සංශෝධන කිහිපයකට භාජනය වී තිබේ.

මෙම ආකෘතිය යටතේ තරගාවලිය පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දරනු ඇත.

ඉන්දියාව සහ නේපාලය සමඟ පාකිස්ථාන A කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය B කාණ්ඩයට ඇතුළත් වේ.

සෑම කාණ්ඩයකින්ම පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක ‘සුපර් ෆෝ’ අදියරට පිවිසෙන අතර, එහිදී පළමු කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට තරග වදිනු ඇත.

මෙවර ඕවර 50 ආකෘතියෙන් ක්‍රීඩාකරන ආසියානු කුසලානය, එළඹෙන එක්දින ලෝක කුසලානය සඳහා කණ්ඩායම් හයෙන් පහක් (නේපාලය හැර) සඳහා තීරණාත්මක සූදානමක් ලෙස ක්‍රියා කරයි.

ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතය.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙහි (PCB) ආකෘතියට අනුව, පාකිස්ථාන තනි නගරයක තරග හතරක් පවත්වනු ඇත.

කෙසේ වෙතත්, නව සභාපති සකා අෂ්රෆ්ගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් පාලක මණ්ඩලයෙහි පරිපාලනයේ ඇතුවූ වෙනසකින් පසුව, මුල්තාන් නගරය දෙවන ස්ථානය ලෙස එක්කරන ලදී.

කෙටුම්පත් කාලසටහනට අනුව, මුල්තාන්හි ආරම්භක තරගය පමණක් පැවැත්වීමට නියමිත අතර, ලාහෝර්හි තරග තුනක් සහ සුපර් ෆෝ තරගයක් පැවැත්වීමට නියමිත ඇත.

පකිස්ථානය සහ ඉන්දියාව සුපර් ෆෝ වටය දක්වා ඉදිරියට ගියහොත්, සැප්තැම්බර් 10 වැනිදා ඔවුන් මහනුවරදී යළිත් තරග වැදීමට නියමිතය.