Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිදහස් දිනය දා ඓතිහාසික බලන බලකොටුවේ පැවැති නිදහස් උළෙලේදී ජයසක් පිඹීමට පැමිණි පාරම්පරික වෛද්‍ය කණ්ඩායම ජයසක් නොපිඹ උත්සව භූමියෙන් පිටත්ව ගොස් ඇත.
ඊට හේතු වී ඇත්තේ දේශපාලනයේ යෙදී සිටින කිහිපදෙනකු එම උත්සවයේ ආරාධිත අමුත්තන් අතර සිටීමයි.
රණබෙරද වැයුණු මෙම උත්සවයේ ගරු ගාම්භීරත්වය වැඩිකිරීම සඳහා ජයසක් පිඹීමට ශුද්ධ වූ සංඛයන් රැගත් පාරම්පරික සහ හෙළ වෙදැදුරන් අනුරාධපුර, මොණරාගල, රත්නපුර සහ මහනුවර ආදී ප්‍රදේශවලින් එහි ළඟා වී සිටියේ ස්වේච්ඡාවෙනි.
මෙම නිදහස් උළෙලේ ප්‍රධාන අමුත්තා වූයේ ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නියලෑත්තන්ය.
උත්සවය ආරම්භයේදී ඔහු විසින් ආදිවාසී කොඩිය එසවූවත් ශ්‍රී ලංකා ජාතික ධජය හිටපු හමුදාපති දයා රත්නායක සහ දෙනුවර ධජය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර විසින් ඔසවා ඇත.
මෙම උත්සවයේ ආරාධිතයකු ලෙස මධ්‍යම පළාතේ හිටපු මහ ඇමැති සරත් ඒකනායක ද සහභාගි වී තිබේ.
උත්සවය නිමාවන තෙක්ම ජයසක් පිඹීමක් සිදුනොවුණ හෙයින් පසුව ‘මව්බිම පුවත්පත’ කළ විමසීමේදී ජයසක් පිඹීමට පැමිණ සිටි දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ගේ එකමුතුවේ සභාපති ජයලත් ආරච්චි වෙදැදුරා පවසා ඇත්තේ, එදා මෙදාතුර මේ රට රැකගැනීමට දිවිහිමියෙන් කැප වූ මහ රජවරුන්, රැජණන් ඇතුළු හෙළ විරුවන් වෙනුවෙන් ජයසක් පිඹීමට පැමිණියත්, මේ රට විනාශ මුඛයට ඇද දැමූ දේශපාලන පක්ෂ නියෝජනය කරන දේශපාලනඥයන් ඉදිරියේ ජයසක් නොපිඹින බවට තීරණය කරමින් තම කණ්ඩායම එම ස්ථානයෙන් පිටව ආ බවයි.
තමන්ගේ අභිප්‍රාය වූයේ උත්සවය ආරම්භයේ ධජ ඔසවද්දී සහ තවත් අවස්ථා කිහිපයකදී ජයසක් පිඹීම වුවත්, දේශපාලනඥයන් ආරාධිතයන් සේ සිටීම හේතුවෙන් තමන් සමඟ පැමිණි අනුරාධපුර දිසානායක වෙදැදුරා, මොනරාගල සාලිය වෙදැදුරා ඇතුළු වෙදැදුරු කණ්ඩායම උත්සව භූමියෙන් පිටවූ බවද
ඔහු පවසයි.
හෙළ විරුවන් අභිමානයෙන් සමරන මෙවැනි උත්සව භූමි රට බංකොලොත් කිරීමට දායක වී ඇති සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට තහනම් විය යුතු බව අවධාරණය කළ ඔහු, ජනතාව සමඟ අවංකව මුසුවීමට නම් පක්ෂ හැරදා තම කැපවීම පෙන්නුම් කළ යුතුව ඇති බවද සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart