September 1, 2023

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සඳහා ඉන්දීය රජය ලබාදෙන මුදල් ප්‍රතිපාදන ඉහළ නංවා ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ අනුව ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති 09ක් සඳහා ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදනයන් 50%කින් වැඩි කර ඇත.

මෙම ව්‍යාපෘති 09 සදහා ලබාදෙන වැඩි වන මූදල් ප්‍රමාණය රුපියල් බිලියන 03කට ආසන්න බව සදහන් වේ.

මහකොමසාරිස් කාර්‍යාලය පවසන්නේ මෙම ව්‍යාපෘති අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය යන අංශ දක්වා විහිදී යන බවයි.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රධාන ව්‍යාපෘති 60කට වැඩි ප්‍රමාණයක් සදහා ඉන්දීය
මුදල් ආධාර ලබාදෙනු ලැබේ.

එමෙන් ම තවත් නව ව්‍යාපෘති 20ක් ක්‍රියාත්මක කිරීමේ විවිධ අදියරයන්වල පවතින බව වාර්තා වේ.