November 13, 2024

අත්, පා සහ මුඛ රෝගීන්ගේ(Hand, Foot, and Mouth Disease (HFMD)) කැපී පෙනෙන වර්ධනයක් පසුගිය දිනවල මෙරටින් වාර්තා වී තිබේ.

රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරන්නේ පාසල් සිසුන් අතර අත්, පා සහ මුඛ රෝගීන් ඉහළ ගොස් ඇති බවයි.

වෛරස් ආසාදන සහ විශේෂයෙන් අත්, පා සහ මුඛ රෝගය සීතල සමයේදී එනම් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල පැතිර යන බව ඔහු පැහැදිලි කළේය.

දරුවන්ගේ අත්වල, පාදවල හෝ මුඛයේ කුඩා රතු හෝ සුදු බිබිලි ඇතිවීම, දුඹුරු පැහැ කොරපොතු සහිත රතු ලප හෝ අත්වල පිටේ කැක්කුම වැනි රෝග ලක්ෂණ ඇති දරුවන් තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීම දින 3-4ක් නිවසේ තබා ගන්නා ලෙස වෛද්‍ය පෙරේරා මව්පියන්ට උපදෙස් දෙයි.

ඇතැම් අවස්ථාවල ඉන්ෆ්ලුවෙන්සා සහ ඩෙංගු ආසාදනය සම්බන්ධයෙන් අයහපත් ප්‍රතිඵල ලැබිය හැකි බව ද සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර ඇත.

කෙසේවෙතත්, මේවා ද වෛරස් ආසාදන බැවින් ඊට මෙය සම්බන්ධ ද යන්න පැහැදිලි නැත.

රෝග විනිශ්චය කිරීමේදී කොවිඩ් 19 සම්බන්ධයෙන් ද ද සළකා බැලිය යුතු බව වෛද්‍ය මතයයි.

මේ අතර, ඉන්ෆ්ලුවෙන්සා බී වෛරසයට සම්බන්ධ ඩෙංගු රෝගීන් සහ අනෙකුත් රෝගාබාධවල ද කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ.

42.31%
17.27%
32.76%