Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැළණි ගඟේ කිඹුල් ගහණය වැඩිවීම නිසා එය මිටියාවතේ ජන ජීවිතවලට තර්ජනයක් වීමේ ගැටලුවට විසඳුම් ලෙස ආරක්ෂක තොටුපළවල් ඉදිකිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
මෙසේ ආරක්ෂිතව කොටුකර ඉදිකිරීමට සුදුසු තොටුපළවල් හඳුනාගැනීමේ නිරීක්ෂණ චාරිකාවක් කඩුවෙල වැලිවිට සිට රනාල දක්වා සිදුකර ඇත.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, ආපදා නිලධාරි ගුණසේන කලුආරච්චි, වනජීවී නිලධාරීන්, කඩුවෙල පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව තිබේ.
මෙහිදී වැලිවිට සිට රනාල දක්වා ආරක්ෂිතව ඉදිකළ යුතු තොටුපළ අටක් හඳුනාගෙන ඇත.
ආරක්ෂිතව ඉදි කළ තොටුපළවලට විකල්පයක් ලෙස කිඹුලන් උගුල් වලින් අල්ලා ඉවත් කිරීම යෝජනා වුවද නිලධාරීන්ගේ මතය වූයේ එය එතරම් සාර්ථක නොවන බවයි.
කෙසේවෙතත් වැලිවිට තොටුපළේ දිය නෑමට ගිය දිස්න නමැති දරුවා කිඹුලකු ඩැහැගෙන යෑමේ සිදුවීමෙන් අනතුරුව කිසිදු අයෙකු දිය නෑමට කැළණි ගඟට නොබසින තත්ත්වයක් මතුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart