October 16, 2024

නැගෙනහිර පළාතේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසම පැවසුවේ ප්‍රදේශවාසීන්ගේ පැමිණිල්ලකට අනුව මඩකලපුව කාර්යාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

කොමිසමට අනුව පැමිණිලිකරු මඩකලපුවේ පර්චස් 65ක ඉඩමක් රුපියල් මිලියන 10කට මිලදී ගෙන ඇති අතර, දැනටමත් රු. 600,000 මුද්දර ගාස්තුවක් ගෙවා ඇත.

කෙසේවෙතත්, ඉඩමේ වටිනාකම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් නැවත තක්සේරු කිරීමෙන් පසු එහි වටිනාකම රු. මිලියන 26.5 ක් වූ අතර, පැමිණිලිකරුට දන්වා ඇත්තේ ඔහු අමතර රු. 850,000 තීරු බදු සහ දඩ ගෙවන ලෙසයි.

නියෝජ්‍ය කොමසාරිස්වරයා එම ගෙවීම අඩුකර දීමට රු. 200,000ක අල්ලසක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් නිලධාරියා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%