June 15, 2024

සමාජ මාධ්‍යයේ පළවන විවිධ ප්‍රකාශ හේතුවෙන් දේවාල වල ආදායම සියයට පනහකින් අඩුවී ඇති බවට බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සිදුකොට ඇති ප්‍රකාශයට බස්නායකවරුන්ගේ සංගමයේ හිටපු සභාපති සහ සබරගමුව බුල්තුමේ මහා සමන් දේවාලයේ වත්මන් බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර දැඩි විරෝධයක් දක්වමින් එම සංගමයට ලිපියක් යොමුකොට තිබේ.

එම ලිපිය මගින් බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ එම ප්‍රකාශය මගින් මෙරට දේවාල 31 ක බස්නායක නිලමේවරුන්ද හිටපු බස්නායක නිලමේවරුන් සහ වත්මන් දියවඩන නිලමේ ඇතුළු හිටපු දියවඩන නිලමේවරුන් දැඩි අපහාසයක් නින්දාවක් සහ හානියක් සිදුව ඇති බවයි.

දේවාලයක බස්නායක නිලමේ ධූරයක් දරන්නාට ඇති ප්‍රධාන කාර්යයන් වන්නේ දේවාලයේ හතර මහා මංගල්‍යයන් සිදුකිරීමත් එහි පරිපාලන කටයුතු සිදුකිරීම බවත්, දේවාලයක් යනු මුදල් අයකරන ස්ථානයක් නොවන බවත්, එය බැතිමතුන්ගේ හිත සුව පිණිස ඇති පුණ්‍ය භූමියක් බවත් එම ලිපිය මගින් පෙන්වා දෙයි.

බස්නායක නිලමේවරයකු වශයෙන් වසර 36 ක අත්දැකීම් ලබමින් බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ වැඩිම කාලයක් සභාපතිත්වය දරමින් සිටි තමන් මෙවැනි ලජ්ජා සහගත ප්‍රකාශ කිසි දිනක සිදුකොට නොමැති බවද එම ලිපියේ සඳහන්ය.

42.31%
17.27%
32.76%