March 20, 2025

වනජීවී දෙපාර්තුමේන්තුව විසින් වාර්ෂිකව නව සෆාරි ජීප් කණ්ඩායම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමත් සමඟ යාල ජාතික වනෝද්‍යානය ඉදිරිපිට ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ සෆාරි ජීප් රථ හිමියන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව යාල සෆාරි ජීප් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ නිලධාරියෙකු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, සෆාරි ජීප් රථ 551ක් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවයි.

අතිරේක නව සෆාරි ජීප් රථ 40ක් ලියාපදිංචිය අලුතින් ලියාපදිංචි වීමට බලාපොරොත්තුවෙන් සිටින අතර එසේ වුවහොත් ලියාපදිංචි වාහන සංඛ්‍යාව තවදුරටත් ඉහළ යයි.

“ඔවුන්ගේ වාහනවල ප්‍රදර්ශනය කිරීම සඳහා හඳුනාගැනීමේ අංක ලබා දී ඇති සියලුම ලියාපදිංචි සෆාරි ජීප් රථ 551ට නියාමකයන් නොමැතිව උද්‍යානයට ඇතුළු වීමට අවසර තිබෙනවා. කෙසේවෙතත්, නව සෆාරි ජීප් රථ සඳහා අනුයුක්ත කිරීමට නියාමකයන්ගේ හිඟයක් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, නව ජීප් රථ හිමියන් සහ ලියාපදිංචි ජීප් රථ හිමියන් අතර උණුසුම් බහින්බස්වීමක් ඇති වූණා” යැයි සංගමයේ සාමාජිකයෙක් පවසා ඇත.

දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ සීමිත නියාමකයන් සංඛ්‍යාවක් බවත්, ඇතැමුන් සෆාරි ජීප් රියදුරන්ගෙන් උද්‍යානය තුළ මග පෙන්වීම සඳහා ගාස්තු ඉල්ලා සිටින බවත් ඔහු පවසයි.

ජාතික වනෝද්‍යාන රෙගුලාසිවලට අනුව සෆාරි ජීප් රථ සමඟ නියාමකයන් නොමිලේ ලබාදිය යුතුය.

පවතින නියාමකයන් හිඟය හේතුවෙන් පුහුණු සහ ලියාපදිංචි සෆාරි ජීප් රථ රියදුරන්ට විශේෂ බලපත්‍රයක් ලබාදෙමින් නියාමකයන් නොමැතිව උද්‍යානයට ඇතුළුවීමට උද්‍යාන පරිපාලනය අවසර ලබාදී ඇති බවද ඔහු පෙන්වාදෙයි.

“උද්‍යාන රෙගුලාසි වලට අනුව, නිසි පුහුණුවක් නොලබන සෆාරි ජීප් රියදුරන්ට නියාමකයන් නොමැතිව උද්‍යානයට ඇතුළු වීමට අවසර නැහැ” උද්‍යාන ඔහු පවසයි.

කෙසේවෙතත්, අලුතින් එකතු වූ සෆාරි ජීප් රථ රියදුරන් 40 දෙනා නියාමකයන් නොමැතිව උද්‍යානයට ඇතුළු වූ අතර, එය පිවිසුමේදී උණුසුම් තත්ත්වයක් උද්ගතවීමට හේතුවිය.

මෙම රියැදුරන් ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් ලියාපදිංචි ජීප් රථ ඇතුළුවීම වළක්වා තිබේ.

දැනට පවතින සෆාරි ජීප් රථ ලියාපදිංචිය අවලංගු කර සියලුම ජීප් රථවලට සීමාවකින් තොරව ඇතුළුවීමට ඉඩ ලබාදෙන ලෙස ඔවුහු උද්‍යාන පරිපාලනයෙන් ඉල්ලා සිටියහ.

“දැනට පවතින සෆාරි ජීප් සංගම් කිසිවක් කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වී නැහැ. අපගේ වගකීම වන්නේ උද්‍යාන පරිපාලනය සමඟ සාකච්ඡා කර ගැටලු නිරාකරණය කර ගැනීමයි,” යාල සෆාරි ජීප් රථ හිමියන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර ඇත.

මෙම ගැටළු විසඳීම සඳහා යෝජනා මාලාවක් සමඟින් වනජීවී අමාත්‍යවරයා හමුවීමට එම සංගමය සැලසුම් කර තිබේ.

දිගින් දිගටම පවතින මෙම ගැටළු හේතුවෙන් සංචාරකයන් සැලකිය යුතු අපහසුතාවයකට මුහුණ පා සිටින බව වාර්තා වේ.