June 28, 2024

සාමදාන විනිසුරුවරුන් පත් කිරීම, අත්හිටුවීම, අවලංගු කිරීම සහ චර්යාධර්ම සංග්‍රහය සම්බන්ධයෙන් වන රෙගුලාසිවලට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ ඇමැති උපදේශක කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.

1978 අංක 2 දරන අධිකරණ පනත යටතේ පැනවෙන මෙම රෙගුලාසි සඳහා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ උපදේශක කාරක සභාව අනුමැතිය ලබා දී ඇත.

යුක්තිය ඵලදායි ලෙස පරිපාලනය කිරීම සහ දූෂිත ක්‍රියාවන් සඳහා ඇති අවස්ථා ඉවත් කිරීම සහ සාමදාන විනිසුරුවරුන් අතර සදාචාරාත්මක හැසිරීම ප්‍රවර්ධනය කිරීම එම නියෝගවල පරමාර්ථය වී තිබේ.

සාමදාන විනිසුරුවරුන් පත්කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් පිළිබඳ මෙන්ම ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳ මෙතෙක් සඳහනක් කර නොමැති බව ඇමැති විජයදාස රාජපක්ෂ එම රැස්වීමේදී පෙන්වා දී තිබේ.

නිශ්චිත ක්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් මෙම නියෝග නිකුත් කර ඇත.

තනතුර අවභාවිත කළහොත් එම පුද්ගලයන් සාමදාන විනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට ද මෙමගින් හැකියාව ලැබේ.

මෙම තනතුරේ ගෞරවය සහ ජනතා විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා සාමදාන විනිසුරුවරුන් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දී ඇති බව අධිකරණ ඇමැතිවරයා පවසයි.

42.31%
17.27%
32.76%