Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගය සඳහා ඇති ප්‍රසාදය සියයට 42කින් ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ ‘ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය’ මගින් හෙළිව තිබේ.
සමීක්ෂණ දත්ත පෙන්වාදෙන්නේ, සැප්තැම්බරයේදී විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය, ජනාධිපතිවරයාගේ එක්සත් ජාතික පක්ෂය සහ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා ජාතික ජන බලවේගය වඩාත් ඉදිරියට පැමිණ ඇති බවයි.
සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP) ඔක්තෝබර් 23 සඳුදා උදෑසන නිකුත් කරන ලද සිය සමීක්ෂණ ප්‍රතිඵලයට අනුව, සැප්තැම්බර් මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වූයේ නම් ජාතික ජන බලවේගය ඡන්ද දායකයන්ගෙන් සියයට 42ක කැමැත්ත ලබාගනු ඇති බව අනාවරණය වී ඇත.
එහිදී පෙර මාසයට සාපේක්ෂව ජාතික ජන බලවේගයට පැවැති ජන ප්‍රසාදය සියයට 09කින් ඉහළ ගොස් තිබේ.
මෙම සමීක්ෂණයට අනුව තැනට දෙවැනි වැඩිම ජන ප්‍රසාදයක් දිනාගෙන ඇත්තේ සියයට 22ක් ඡන්ද ප්‍රමාණයක් ලබාගනු ඇතැයි අපේක්ෂිත සමගි ජන බලවේගයයි.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයට සියයට 13ක ජන ප්‍රසාදයකුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සියයට 08ක ප්‍රතිශතයකුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට 04ක ප්‍රතිශතයකුත් හිමිව ඇති අතර, දෙමළ ඉලන්කෙයි තමිල් අරසු(දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වකරු) වෙත සියයට 06ක ජන ප්‍රසාදයකුත් හිමිව තිබේ.
මෙම සමීක්ෂණයේදී හෙළිව ඇති විශේෂ කාරණය වන්නේ මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නැති නැති හෝ පාවෙන ඡන්දදායකයන් ජාතික ජන බලවේගය වෙත නැඹුරුවීමේ ප්‍රවනතාවක් පවතින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart