January 11, 2024

අපේක්ෂා නොකළ රටවල් හයක් පළමු ස්ථාන වෙත පැමිණීම සටහන් කරමින් 2024 සඳහා ලොව බලවත්ම ගුවන් ගමන් බලපත්‍ර නව ශ්‍රේණිගත කිරීම නිකුත් කෙරී ඇත.

වාර්ෂික Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව, ලොව රටවල් වීසා රහිතව හෝ පැමිණීමේදී වීසා බලපත්‍රයක් ලබාදීම සමඟින් ගමනාන්ත ක්පමණ සංඛ්‍යාවකට ප්‍රවේශය ලබා දෙනවාද යන්න අනුව මෙම ශ්‍රේණිගත කිරීම සම්පාදනය කෙරේ.

මෙවර ඇති විශේෂත්වය වන්නේ, වසර පහක් පුරාවට ප්‍රථම ස්ථානයට හිමිකම් කියූ ජපානය සමග තවත් රටවල් 05ක් එම ස්ථානය බෙදාගැනීමයි.

ඒ අනුව ජපානය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, සිංගප්පූරුව සහ ස්පාඤ්ඤය ලකුණු 194ක් ලබාගනිමින් ප්‍රථම ස්ථානයට පත්ව ඇත.

මෙම රටවල් ලොව පුරා ගමනාන්ත 227න් ගමනාන්ත 194කට වීසා රහිතව ප්‍රවේශය ලබාදෙයි.

දකුණු කොරියාව, ෆින්ලන්තය සහ ස්වීඩනය දෙවැනි ස්ථානයේ සිටින අතර, එම රටවල් ගමනාන්ත 193කට වීසා රහිතව ගමන් කිරීමේ පහසුකම ලබාදෙයි.

මේ අතර, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, අයර්ලන්තය සහ නෙදර්ලන්තය යන යුරෝපීය රටවල් හතරක් ගමනාන්ත 192කට වීසා රහිතව ප්‍රවේශය ලබාදෙමින් තෙවැනි ස්ථානයේ පසුවෙයි.

මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ, 94 වැනි ස්ථානයයි.

42.31%
17.27%
32.76%