
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවහැවිරිදි දැරියක් දූෂණය කර සිරුර විකෘති කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවකුට කුලියාපිටිය මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය විසින් වසර 51ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හයක් යටතේ අධි චෝදනා ගොනුකර තිබුණි.
39 හැවිරිදි වියේ පසුවන විත්තිකරු එදිරිසිංහ ආරච්චිගේ චන්දන එදිරිසිංහ නමැත්තකු වන අතර, ඔහු කම්කරුවකු ලෙස ස්ථිර වාසස්ථානයක් නොමැතිව ජීවත් වී තිබේ.
එමෙන්ම ඔහු නිමල් සහ ශාන්ත යන අන්වර්ථ නාමයන්ගෙන් ද හඳුන්වයි.
මොහු 2018 වසරේ වැල්ලපල්ල ප්‍රදේශයේදී නවහැවිරිදි දැරියක පාළු පොල් ඉඩමකට රැගෙන ගොස් දූෂණය කර, ඇයගේ රහස් ප්‍රදේශය පිහියකින් කපා දත් කඩා බරපතළ තුවාල සිදුකර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පන්නල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත් අතර, කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණය හමුවේ නඩු විභාගය පවත්වා තිබේ.
සැකකරු අපස්මාර රෝගයෙන් පෙළුණු තම පුතා පණපිටින් වළදමා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩුවෙක තීන්දුව ලැබෙන තෙක් ඇප මත සිට ඇති අතර, එවන් පසුබිමක් තුළැදී ඔහු දැරිය දූෂණය කර ඇත.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ, පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහි අධිචෝදනා සාධාරණ සැකයකින් තොරව තහවුරු කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart