November 27, 2023

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියකු විසින් බන්ධනාගාරයේ සවිකර තිබූ CCTV කැමරා 23ක් විනාශ කර තිබෙන බව වාර්තා වේ.

32 හැවිරිදි මෙම රැඳවියා පාතාල සාමාජිකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් රත්ගම පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිසියට අනුව හිරු එළිය සහ වාතාශ්‍රය ලබා ගැනීම සඳහා සිරකරු සිරමැදිරියෙන් පිටතට ගෙන යන විට රැඳවියා තාප්පයට නැග ඔහු රඳවා සිටින සිර මැදිරිය තුළ සහ පිටත සවිකර තිබූ සීසීටීවී කැමරා මෙලෙස විනාශ කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් මෙම රැඳවියාට එරෙහිව අධිකරණයේ නඩු 13ක් විභාග වෙමින් පවතී.

42.31%
17.27%
32.76%