March 1, 2025

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්න්කෝන්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත.

ඊයේ අධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු හත්දෙනකු අත්අඩංගුවට ගැනීමට නියම කෙරිණි.

වැලිගම W15 හෝටලයේ සිදුකළ වෙඩිතැබීමකට සහ මනුෂ්‍ය ඝාතනයකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරිණි.

කෙසේවෙතත් මේ දක්වා දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව නැත.