Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නරක් වූ මාළු කන්ටේනර් 102ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය අපරාධයක් ලෙස පෙනෙන බැවින් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙස රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
තවද,කමිටු රැස්වීමට පැමිණ සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට කාරක සභාව දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධ විමර්ශන කඩිනම් කරන ලෙසයි.
නරක් වූ මාළු කන්ටේනර් රැගෙන සීෂෙල්ස් සිට තායිලන්තයට යාත්‍රා කළ නෞකාවක් කොළඹ වරායෙන් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් විගණන විමසුමේදී අනාවරණය වූ කරුණු පිළිබඳ සොයා බැලීමට ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ගිණුම් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ බව දැනුම් දෙන ලදී.
සීෂෙල්ස් සිට තායිලන්තය දක්වා මාළු කන්ටේනර් 102ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාව ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.
නෞකාවේ විදුලිය විසන්ධි වීමෙන් මාළු නරක් වී ඇති බවද අනාවරණය විය.
නෞකාව අලුත්වැඩියා කර පිටත්ව යනු වෙනුවට මෙම කන්ටේනර් ශ්‍රී ලංකාවට රැගෙන ඒම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පෙන්වා දී තිබිණි.
හදිසි අවස්ථාවකදී ළඟම ඇති වරායෙන් යම් යම් පහසුකම් සැපයිය යුතු වුවද “පරිභෝජනයට නුසුදුසු කුඩා මාළු, ධාන්‍ය වර්ග සහ අනෙකුත් ද්‍රව්‍ය නරක් වූ, දුගඳ හමන, රෝග ඇති කරන ද්‍රව්‍ය ආනයනය කිරීම තහනම්” බව රේගු ආඥාපනත ප්‍රකාශ කර තිබියදී මෙම මාළු තොගය ශ්‍රී ලංකාවට ගොඩබෑමට ගත් තීරණය “දිරාගිය, දුර්ගන්ධය ආනයනය කිරීම” බව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.
නරක් වූ මාළු ශ්‍රී ලංකාවට ගොඩබෑම රටේ පවතින නීතියට පටහැනි බැවින් කමිටුවක නිර්දේශ මත ආනයනකරුවකු ලෙස ගැනුම්කරුවකු යොදාගනිමින් නව බලපත්‍රයක් ලබාගෙන මෙම කන්ටේනර් මෙරටට ගොඩ බස්වා ඇති බව ද අනාවරණය විය.
ආනයනය නොකරන ලද කන්ටේනර් ආනයනයක් ලෙස ප්‍රදර්ශනය කිරීම වංචාවක් බව ද මෙහිදී සාකච්ඡා විය.
කන්ටේනර් 102 න් 4ක් විනාශ වී ඇති බවත්, ඉතිරි 98න් 43ක් පොහොර නිෂ්පාදනය සඳහා යොමුකර ඇති බවත්, 40ක් ප්‍රති අපනයනය කළ බවත්, 15ක් රට තුළ ඉතිරිව තිබූ බවත් අනාවරණ වී තිබිණි.
එපමණක් නොව, පොහොර නිෂ්පාදනය සඳහා මෙම මාළු තොගය ලබාගත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය ටින්මාළු නිෂ්පාදනය බවද විගණකාධිපතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේවෙතත්, එය එකිනෙකට වෙනස් ව්‍යාපාර දෙකක් බවත්, එබැවින් මෙම මාළු ටින්මාළු සෑදීමට යොදා නොගත් බවට නිලධාරීන් සාක්ෂි දෙන බවත් එහි සිටි රේගු නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි.
තවද, 2024.01.23 දින පැවති කෝපා සභා වාරයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්ෂේත්‍ර චාරිකාවක් පැවැත්වීම සඳහා සහ කොපමණ පොහොර නිෂ්පාදනය කර ඇත්ද යන්න වාර්තා කිරීමට අදාළ සියලු ආයතනවලින් සමන්විත කමිටුවක් පත් කරන ලෙසට නිර්දේශ කළද එම කමිටුව පත්කර ඇත්තේ මෙම රැස්වීම සඳහා කැඳවීමේ ලිපි ලැබීමෙන් පසු බව ද අනාවරණය වී තිබේ.
ඒ සම්බන්ධයෙන් කමිටු සභාපතිවරයා දැඩි අප්‍රසාදය පළ කළේය.
එම කන්ටේනර් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රේගු නිලධාරීන් දැඩි උනන්දුවකින් කටයුතු කර ඇති බව පෙනී යන බවත්, ඒ අනුව අනෙකුත් කටයුතු සඳහා ද එම උනන්දුව තිබිය යුතු බවත් සභාපතිවරයා සඳහන් කර සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart