October 9, 2023

තාවකාලිකව ආනයනය සීමාකර ඇති වාහන හැර අනෙකුත් සියලුම භාණ්ඩවල ආනයන සීමා අද දින (09/10/2023) සිට ඉවත්කර ඇත.

ආර්ථිකය තවත් පුළුල් කිරීම සඳහා මෙලෙස ආනයන සීමා නිදහස් කිරීම සිදුකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ සඳහා වන විශේෂ ගැසට් නිවේදනය අද දින නිකුත් කර තිබේ.

ඒ අනුව තවදුරටත් මෙරටට ගෙන්වීම තහනම් කර ඇත්තේ, පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කෙරෙන වාහන ඇතුළු මෝටර් රථ කාණ්ඩ කිහිපයක් පමණි.