Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන් ලෙස පෙනීසිටිමින් මූල්‍ය ආධාර ලබා දෙන බව පවසා මුදල් රැස්කරමින් මූල්‍ය වංචා සිදුකරන පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය මහජනතාවට අනතුරු අඟවයි.
මෙලෙස ස්වයංරැකියා සඳහා මුල්‍ය ආධාර සහ ළමුන්ට පොත්පත් ලබාදෙන මුවාවෙන් මහජනතාවගෙන් මුදල් එකතුකරගත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක් රාජ්‍ය නොවන සංවිධානයේ නිලධාරිනියක ලෙස පෙනීසිටිමින් මූල්‍ය ආධාර ලබාදෙන බවට පවසා එක් පුද්ගලකගෙන් රුපියල් 600ක මුදලක් සාමාජිකත්වය සඳහා ලබාගෙන ඇති අතර, එය වංචාවක් බව හෙළිවීමෙන් පසු ඇයව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාව ඊයේ (05) ඇතිමලේ ගැමුණුපුර ප්‍රදේශයේදී සාමාජික ගාස්තු වශයෙන් එකතු කළ රුපියල් 26,000ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය මහජනතාව වංචා කර එකතු කළ රුපියල් 136,000ක මුදලක් සමුපකාර ග්‍රාමීය බැංකුවක තැන්පත් කර ඇති බව අනාවරණය වී තිබේ.
රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන් ලෙස පෙනීසිටිමින් මහජනතාව රවටා රුපියල් 70,300ක මුදලක් ලබාගත් සියඹලාණ්ඩුව මඩුගම ප්‍රදේශයේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මොණරාගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් සහ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවකි.
සැකකරුවන් දිවයිනේ වෙනත් ප්‍රදේශවල ක්‍රියාත්මක වී ඇත්දැයි සොයාබැලීම සඳහා ඇතිමලේ සහ සියඹලාණ්ඩුව පොලිසිය ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙවැනි මූල්‍ය වංචාවලට හසු නොවන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart