January 22, 2025

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා කර ඇති ඉල්ලීම ලබන 27 වැනිදා සළකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ.

මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කළ අතර, එය ලබන 27 වැනි දින සළකා බැලීමට ත්‍රිපුද්ගල විනිසුරු විසින් මඩුල්ල නියෝග කරන ලදි.

ඉකුත් ආංඩුව සමයේ සිදුකෙරුණු විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රමය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි ආගමන හා විගමන පාලකවරයාට චෝදනා එල්ලවී ඇත.