April 10, 2024

ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ සවිකිරීමට නියමිතව තිබූ සීසීටීවී කැමරා වසර 06ක කාලයක් ගබඩාවක තබා ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාවට (COPA) වාර්තා වී තිබේ.

මෙම කරුණ අනාවරණ වී තිබුණේ 2020, 2021 සහ 2022 වසර සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පසුගිය සතියේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ සාකච්ඡාවට ගත් අවස්ථාවේදීය.

ඒ අනුව සීසීටීවී කැමරා වහාම කඩිනමින් සවිකරන ලෙසට කෝපා කමිටු සභාපති ලසන්ත අලගියවන්න එම දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

දෙපාර්තමේන්තුව විසින් 2017 දී කැමරා සඳහා අවශ්‍ය කොටස් කිහිපයක් පමණක් රුපියල් මිලියන 2.1කට මිලදී ගෙන ඇති බවත් එය අවශ්‍ය සියලුම කොටස් නොවන බවත් කමිටුවට වැඩිදුරටත් වාර්තා වී තිබේ.

මෙම මිලදී ගැනීම සිදුකළ නිලධාරීන් මේ වන විට ස්ථාන මාරු කර ඇති බවද රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ හෙළිවී ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක අධීක්‍ෂණය යටතේ 2024 මැයි 15ට පෙර එම සීසීටීවී කැමරා සවිකරන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභාව උපදෙස් දී තිබේ.

 

42.31%
17.27%
32.76%