October 9, 2023

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද(09) මොරොක්කෝවේ මරකේච් හීදී ආරම්භ වෙයි.

මෙම සමුළුව ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශය ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වෙති.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ සඳහන් කර ඇත්තේ, ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය කරමින් සිදුකළ ප්‍රතිසංස්කරණ තුළින් ශක්තිමත් කරගත් ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවයි.

එමගින් ශ්‍රී ලංකාව තුළ දැනට සිදුවෙමින් පවතින ආර්ථික ස්ථායිකරණය, 2024 දී ආර්ථික වර්ධනයක් කරා ගමන් කරවීමට අවශ්‍ය පසුබිම සකස්වනු ඇතැයි තමා විශ්වාස කරන ඇමැතිවරයා පෙන්වාදෙයි.

42.31%
17.27%
32.76%