42.31%
17.27%
32.76%
October 3, 2024

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයාබැලීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ (02) මෙරටට පැමිණියහ.

IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වැනි වාරිකය ලබාදීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණයි.

ඒ අනුව මෙම නියෝජිත පිරිස සහ නව ආණ්ඩුව විසින් IMF සාකච්ඡා සඳහා පත්කර ඇති ආර්ථික කණ්ඩායම අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් පැවති වැඩසටහන පිළිබඳ සමාලෝචනයක් මෙහිදී දෙපාර්ශ්වය විසින් සිදුකරන ලද අතර එම ඉදිරි කටයුතු වෙනුවෙන් වු සැලසුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි.

ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්පය ඉහළ නංවමින් වත්මන් ආණ්ඩුව යටතේ රට තුළ සිදුවෙමින් පවතින නව ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙහිදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සිය ප්‍රශංසාව පළකළ අතර ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහයෝගය ලබාගැනීම පිළිබඳ තීරණාත්මක පියවරක් මෙහිදී සනිටුහන් කෙරිණි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්, නේවාසික නියෝජිත ආචාර්ය සර්වත් ජහාන් සහ ආර්ථික විද්‍යාඥ මානවී අබේවික්‍රම යන මහත්ම මහත්මීන්ගෙන්අයගෙන් සමන්විත වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආර්ථික ප්‍රතිපත්ති කවුන්සිලයේ සභාපති සහ ආර්ථික කටයුතු සහ මූල්‍ය කටයුතු පිළිබඳ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළු ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන සාමාජිකයන් වන සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය සීතා බණ්ඩාර රණතුංග, සුනිල් ගමගේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි, මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා, අමරසේන අතුකෝරළ යන පිරිස සහභාගී වූහ.

42.31%
17.27%
32.76%