42.31%
17.27%
32.76%
September 27, 2023

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) නියෝජිතයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඊයේ පස්වරුවේ පැවැති තීරණාත්මක සාකච්ඡාව අවසන් එකඟත්වයකින් තොරව අවසන් වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ ණය වැඩසටහනේ දෙවැනි වාරිකය නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකාව අවශ්‍ය නිර්දේශයන් ප්‍රමාණවත් අයුරින් ක්‍රියාත්මක කර ඇද්දැයි විමර්ශනය කිරීම සඳහා IMF නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.

එම සමාලෝචනයන්ගෙන් අනතුරුව IMF නියෝජිත කණ්ඩායම මෙලෙස ජනාධිපතිවරයා හමුව ඇති අතර, එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ ආදායම් රැස්කිරීම ඇතුළුව, ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳව සැහීමකට පත්විය නොහැකි බව යැයි වාර්තා අනාවරණය කරයි.

වාර්තා වැඩිදුරටත් හෙළිකරන හොරතුරුවලට අනුව, රජයේ වියදම් තවදුරටත් අඩු කිරීමට පියවර ගත යුතුව තිබූ බවද IMF අවධාරණය කර ඇත.

මීළඟ ණය වාරිකය අනුමත කිරීම සඳහා තවදුරටත් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවද IMF පෙන්වාදී ඇති අතර, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් එහිදී සඳහන් කර ඇත්තේ, තෙවැනි වාරිකයට ප්‍රථම අදාළ ප්‍රතිසංස්කරණ සිදුකළ හැකි බවයි.

කෙසේවෙතත් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ඇතිවී නොමැති බව පැවැසේ.

නීති පද්ධතියේ වෙනස්කම් සහ පෞද්ගලීකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දෙපාර්ශවය අතර සාකච්ඡා පවත්වා ඇත.

ශ්‍රී ලංකාවට ණය වැඩසටහනේ දෙවැනි වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් වන IMF තීරණය, බොහෝදුරට අද දිනයේ පැවැත්වෙනු ඇතැයි වාර්තා වන ජනමාධ්‍ය හමුවකදී එහි නියෝජිත කණ්ඩායම විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

42.31%
17.27%
32.76%