March 21, 2024

මෙරට සංචාරයක නිරත වූ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ හමුවී ඇත.

සමගි ජන බලවේගයේ සාමාජිකයන් අවධාරණය කළේ මෙම ගෝලීය ණය දෙන්නා වෙතයොමු වන ලෙස තමන් කළ ඉල්ලීම්වලට රජය නිසි ලෙස ප්‍රතිචාර දැක්වූයේ නම් පවතින ආර්ථික තත්ත්වය වළක්වා ගත හැකිව තිබූ බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් ක්‍රියාවලියට උපකාර කිරීම සඳහාඅන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද මාර්ග සිතියම සමඟ තමන් එකඟ වන බවත් ඇතැම් යෝජනා සඳහා සංශෝධන අවශ්‍ය බවත් සමගි ජන බලවේගයේ සාමාජිකයන් අවධාරණය කර තිබේ.

රට බංකොලොත්භාවයෙන් ගලවා ගැනීමට නම් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය තිරසාර ලෙස සිදු කළ යුතු බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කළහ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්ගෙන් සමන්විත නියෝජිත පිරිසට ශ්‍රී ලංකාව සඳහා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Katsiaryna Svirydzenka සහ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත සර්වත් ජහාන් යන පිරිස ද සහභාගී වූහ.

විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, නිරෝෂන් පෙරේරා, මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, චන්දිම වීරක්කොඩි, වේලු කුමාර් සහ හර්ෂණ රාජකරුණා යන පිරිස එක්ව සිටියහ.

42.31%
17.27%
32.76%