December 20, 2024

ශ්‍රී ලංකාව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර විස්තීරණ අරමුදල් පහසුකමේ විධිවිධාන යටතේ තුන්වැනි සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා එහි විධායක මණ්ඩලය ඉදිරි මාසවලදී රැස් වීමට අපේක්ෂා කර තිබේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසා ඇත්තේ සමාලෝචනය අවසන් කර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක ප්‍රවේශයක් ලැබෙනු ඇති බවයි.

රජයේ බදු ආදායම් සහ අනෙකුත් ආදායම් ක්‍රියාමාර්ග ගැන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගියදා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කොසැක් කියා සිටියේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය මෙම ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තරාත්මක තක්සේරුවක් කාර්ය මණ්ඩල වාර්තාවට ඇතුළත් කරන අතර විධායක මණ්ඩලයේ අනුමැතියෙන් පසුව එය ප්‍රකාශයට පත් කරන බවයි.

42.31%
17.27%
32.76%