
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව සමඟ මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය තුන්වැනි සමාලෝචනය සම්පූර්ණ කර ඇති අතර, එමඟින් රටට එහි ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා තවත් SDR මිලියන 254ක (ඇමරිකානු ඩොලර් මිලියන 334 ක් පමණ) ණය වාරිකයක් නිදහස් කිරීම සඳහා ක්ෂණික ප්‍රවේශය ලබාදී ඇත.
ශ්‍රී ලංකාව සිය වැඩසටහන ඔස්සේ මෙතෙක් කටයුතු කළ ආකාරය පිළිබඳව IMF විධායක මණ්ඩලය මෙසේ ප්‍රකාශ කර ඇත.
“වැඩසටහන යටතේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇත. සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර, 2024 දෙසැම්බර් අග සඳහා සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගන්නා ලදී. 2025 ජනවාරි අග වන විට නියමිතව තිබූ බොහෝ ව්‍යුහාත්මක මිණුම් සලකුණු ප්‍රමාදයකින් සපුරා හෝ ක්‍රියාත්මක කරන ලදී. මෑතකදී බැඳුම්කර හුවමාරුව සාර්ථකව නිම කිරීම ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත්කිරීම සඳහා වූ ප්‍රධාන සන්ධිස්ථානයකි.
ප්‍රතිසංස්කරණ උත්සාහයන් ඵල දරමින් පවතින අතර ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම වේගවත් වේ. ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති බැවින්, ආර්ථිකය කල් පවතින ප්‍රකෘතිමත් වීම සහ ණය තිරසාරභාවය කරා යන මාවතකට ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ න්යායපත්රය පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart