Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑත කාලීන වැටුප් වැඩිවීම තීරණය කිරීම සඳහා භාවිත කළ මිණුම් සලකුණු පිළිබඳ ඉහළ විනිවිදභාවයක් පෙන්නුම් කළ යුතු බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා මහ බැංකුවට යෝජනා කර තිබේ.
“වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් අපට වැඩි යමක් කීමට නැහැ. වැදගත් වන්නේ, මහ බැංකුවේ තීරණ මිණුම් සලකුණු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට මහ බැංකුවේ පාර්ශ්වයෙන් ඉහළ විනිවිදභාවයක් තිබීමයි.ඒ වගේම ප්‍රධානම දේ තමයි මහ බැංකුවේ ස්වාධීනත්වය රැකගැනීම,” යනුවෙන් ඔවුන් ප්‍රකාශ කර තිබේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer මේ බව සඳහන් කළේ, මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ මහ බැංකුවේ ස්වාධීනත්වය පරම ප්‍රධාන කුළුණක් බව Peter Breuer අවධාරණය කළේය.
“මහ බැංකු පනත බොහෝ කලක සිට සකස් වෙමින් පවතිනවා. එය සාක්ෂාත් කර ගත් විට ප්‍රධාන අරමුණක් සාක්ෂාත් කර ගත්තා වනවා,” යනුවෙන් ඔහු පැවසීය.
ස්වාධීන මහ බැංකුවකට තම අරමුණුවලට අනුකූලව උද්ධමනය අඩු කර ගැනීම සඳහා අවශ්‍යතා අනුව මුදල් ප්‍රතිපත්තියක් සකස් කළ හැකි වේ.
“මෙය සාක්ෂාත් කර ගැනීමට පෙර ශ්‍රී ලංකාව තුළ රජය මහ බැංකුවෙන් ණය ලබාගන්නා සැළකිව යුතු මූල්‍යකරණයක් පැවතියා, එය ශ්‍රී ලංකාව අත්විඳින ලද ඉතා ඉහළ උද්ධමනය සඳහා ප්‍රධාන හේතුවක් වුණා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart