November 12, 2024

ඉල්මහ සමරු පදනම විසින් ඉල්මහ විරු සැමරුමක් හෙට බොරැල්ල කනත්ත මංසන්ධියේදී සංවිධානය කර තිබේ.

ඊට අදාළව එම පදනම විසින් ජනමාධ්‍ය වෙත යොමුකර ඇති නිවේදනය පහතින් දැක්වේ.

ජනතා විමුක්ති පෙරමුණ යනු මේ රටේ දේශපාලන වංශකතාවේ කිසිදා අකාමකා දැමිය නොහැකි අද්වීතිය දේශපාලන පරිච්ජේදයකි.

1971 අරගලය වෙඩි උණ්ඩයෙන් යකඩින් ගින්දරින් මර්දනය කර සිරගත කළද, යළි ජනතා දේශපාලන ප්‍රවාහයක් 1978 වසරින් පසුව අරඹා, මේ රටට ජාතිකව හා ජාත්‍යන්තරව සතුරු කෙණෙහිලිකම් වලට එරෙහිව කොන්දේසි විරහිතව නොබියව පෙනිසිටියේ ජනතා විමුක්ති පෙරමුණ යි.

1983 ජවිපෙ තහනමත් සමග දේශපාලන ගමන්මග අඩපණ කරලීමට අන්ත දක්ෂිණාංශික කඳවුර උත්සාහ කළද, එම වියරුව පරාජය කරමින් කලාපීය හා ජාත්‍යන්තර සතුරුකම්වලට එරෙහිව නිර්ව්‍යාජ දේශපාලන ව්‍යාපාරයක් ලෙස දේශප්‍රේමීත්වය ගොඩනැගුවේ ජවිපෙ බවට විවාදයක් නැත.

1988 /89 ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් ඇතුළු නායකත්වය සාහසික ලෙස ඝාතනය කළද, කිසිදා යටපත් කළ නොහැකි දේශප්‍රේමී දේශපාලන ව්‍යාපාරයල ලෙස ජවිපෙ 1994න් පසුව අද දක්වා ආ ගමන් මග සුවිශේෂී දේශපාලන චාරිකාවක් බව අවිවාදිතය.

වෙඩි උණ්ඩයෙන් යකඩින් ගින්දරින් යටපත් කරනු ලැබු ඉතිහාසයක් හිමි, මව්බිමේ උස් නිදහස වෙනුවෙන් ජිවිත පූජාකළ
රෝහණ විජේවීරයන් ඇතුළු 88 /89 දිවිපිදූ ජවිපෙ විරුවන් වෙනුවෙන් යුක්තියේ හා සාධරණත්වය ඉටුකරගැනිමේ කාලය එළඹ තිබේ.

35 වැනි ඉල්මහ විරු සමරුව එවන් වූ අප්‍රතිහත නොසිඳෙන ධෛර්යයවන්ත ජීවගුණයක් සහිතව ජීවිත පූජාකළ විරුවන්ට යුක්තිය හා සාධරණත්වය ඉටුකර ගැනීම උදෙසාවන සැමරුමකි.

මේ ඒ වෙනුවෙන් ඔබට කරනු ලබන සහෝදරාත්මක විවෘත ආරාධනාවයි..!!

2024 නොවැම්බර් මස 13 වැනි බදාදා පෙරවරු 10 ට බොරැල්ල කනත්ත මංසන්ධියේදී..
ස්තූතියි

අනුරාධ තෙන්නකෝන්
කැඳවුම්කරු
ඉල්මහ සමරු පදනම

071 5290629
0767136523
0763095408

42.31%
17.27%
32.76%