Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීති විරෝධී ඖෂධ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සහ රට පුරා අලෙවි කරන බවට ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත චෝදනා කරයි.
මෙම ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි කර නොමැති බව ඔහු සඳහන් කරයි.
ලියාපදිංචි නොකළ ඖෂධ මහජනතාව වෙත ළඟා වීම වැරදි බවත් මෙය වැළැක්වීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය වහාම පියවර ගත යුතු බවත් අවධාරණය කරයි.
“බලපත්‍ර ප්‍රතික්ෂේප කළ සමාගම්වලින් එන ඖෂධ වර්ග 50ක් පමණ රට පුරා තියෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ නැවත නැවතත් ඉල්ලීම් කළත් මෙම ඖෂධ සපයන ආයතන පිළිබඳ අපට කිසිදු තොරතුරක් ලැබිලා නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.
මාසයකට පමණ පෙර තමන් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් මෙම ඉල්ලීම් කළද, තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ඔහු සඳහන් කරයි.
එවැනි රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරීන් ඖෂධ මාෆියාවට සම්බන්ධද යන්න පිළිබඳ බරපතළ සැක මතු කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.
ජනතාවගේ ජීවිතවලට සෘජුවම බලපාන ඖෂධ පිළිබඳ තොරතුරු රාජ්‍ය ආයතනයකින් ලබාගත නොහැකි වීම කණස්සල්ලට කරුණක් බවද ඔහු සඳහන් කළේය.
තොරතුරු ලබා නොදුනහොත් සමාජ ක්‍රියාකාරිකයකු ලෙස ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart