Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රන්ජන් රාමනායකගේ නායකත්වයෙන් යුතු එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය විසින් මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වූ පසු බෙදාහැරීම සඳහා ගෙනැවිත් තිබූ බවට සැකකෙරෙන භාණ්ඩ තොගයක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ප්‍රදේශයේ හෝටලයක තිබී ඊයේ රාත්‍රියේ මෙම භාණ්ඩ සොයාගෙන තිබුණේ ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකළ සොයා බැලීමකදීය.
මැතිවරණ සමයේ මෙවැනි භාණ්ඩ බෙදාහැරීම නීති විරෝධී බව පවසන මැතිවරණ කොමිසම, මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම පිළිබඳ පොලිසිය වෙත සිය ස්තූතිය පළකර තිබේ.
පොලිසියට අනුබද්ධ මැතිවරණ ආරවුල් නිරාකරණ කාර්යාංශයට ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කර ඇත.
එම භාණ්ඩවල එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නම්, රන්ජන් රාමනායකගේ රුව සහ ඇතැම් භාණ්ඩවල ලයිකා සමාගමේ අධිපති සුබාස්කරන් අල්ලිරාජාගේ රුව සටහන් වී තිබෙනු දැකගත හැකිවේ.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම සඳහා පොලිසිය විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart