November 22, 2023

මෙරට LGBTIQ ප්‍රජාවට අමානුෂික ලෙස සලකන සහ වෙනස්කම් කරන ආකාරයේ පුහුණු සැසි, දේශන හෝ සම්මන්ත්‍රණ පැවැත්වීම පොලිස් නිලධාරීන්ට තහනම් කරමින් පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට දන්වා ඇත.

සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික සහ ප්‍රශ්නකාරී (LGBTIQ) ප්‍රජාවේ පුද්ගලයන්ට එරෙහිව පොලිසියේ මැදිහත්විමෙන් සිදුවන අපයෝජන, හිරිහැර සහ වෙනස් කොට සැලකීම් ඉහළ යෑම අභියෝගයට ලක් කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

එහිදී අමා දිසානායක නම් මනෝඋපදේශිකාවක සම්බන්ධ කරගෙන පොලිස් නිලධාරීන් වෙත සිදුකරන උපදේශන වැඩසටහන් පිළිබදව ද කරුණු දක්වා තිබිණ.

එහිදී පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා අභියාචනාධිකරණය වෙත දන්වා සිටියේ, අදාළ වැඩසටහන් තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.

මෙමගින් පෙත්සම්කරුවන්ගේ ගැටලුවලට නිසි පිළියම් යෙදෙන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණයට දැන්වූ අතර එම කොන්දේසි මත නඩුව අවසන් විය.

42.31%
17.27%
32.76%