August 27, 2024

වෙඩිතැබීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවකු හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය අගෝස්තු 16වැනිදා ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ටී 56 ගිනිඅවියකින් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබිණි.

එම සිදුවීම පිළිබඳ ශ්‍රී පුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර මේ වනවිට එක් සැකකරුවකු හඳුනාගෙන ඇත.

ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, පහතින් දක්වා ඇති ඡායාරූපයේ සිටින සැකකරු පිළිබඳ විස්තරයක් ඇත්නම් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අංක 87, සමරුගම, අවිස්සාවේල්ල යන ලිපිනයේ පදිංචි කන්දේ ලේකම්ලාගේ ගයාන් සුගතදාස නමැති අදාළ සැකකරු ජාතික හැඳුනුම්පත් අංක 850220751V, 198502200751 දරන අයෙකි.

ඔහු ගැන තොරතුරක් ඇත්නම් ස්ථානාධිපති – 071 859 1181 හෝ ශ්‍රී පුර පොලිස් ස්ථානය – 025 225 5062 යන අංකයට දැනුම් දීමේ හැකියාව පවතියි.