Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දියවැඩියාව හේතුවෙන් අක්ෂි රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට සැත්කම් ඇතුළු ප්‍රතිකාර කිරීමට මසකට රුපියල් කෝටි 03ක් ජාතික අක්ෂි රෝහල වැයකරන බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය කපිල බන්දුතිලක පවසයි.
මෙරට දියවැඩියා රෝගීන්ගෙන් 25%ක් ‘දියවැඩියා රෙටිනෝපති’ රෝගයෙන් පෙළෙන බවත්, දියවැඩියාවෙන් පෙළෙන රෝගියකු වාර්ෂිකව සුදුසුකම් ලත් අක්ෂි සෞඛ්‍ය වෘත්තිකයකු ලවා ඇස් පරීක්ෂාවෙන් රෝගය කළින් හඳුනාගෙන ප්‍රතිකාර කළ හැකි බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
දියවැඩියාවෙන් රුධිර වාහිනීවලට සිදුවන හානිය නිසා දෘෂ්ටිවිතානය ලෙස හැඳින්වෙන, ආලෝකය රූප බවට පත්කරන ඇසේ පිටුපස තට්ටුවට බලපෑමක් සිදුවන බවද, ඒ බලපෑම දියවැඩියා රෙටිනෝපති නමින් හඳුන්වන බවද හෙතෙම කියාසිටියි.
දීර්ඝ කාලයක් දියවැඩියාවෙන් පෙළීම, දියවැඩියාව පාලනය කිරීම දුර්වල වීම, අධික කොලෙස්ටරෝල් මට්ටමක් පැවතීම, අධිරුධිර පීඩනයෙන් පෙළීම, වකුගඩු රෝගය තිබීම, දුම්පානය යනාදි හේතු නිසා දියවැඩියා රෙටිනෝපති රෝගයට පුද්ගලයන් ගොදුරු විය හැකිය.
මීට අමතරව පුද්ගලයන් ග්ලූකෝමා නමැති අක්ෂි රෝගයෙන්ද පෙළෙන අතර, වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන් වසරකට වරක්වත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලවා අක්ෂි පරීක්ෂාවක් කර ගත යුතු බවත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් අනිවාර්යයෙන් ග්ලූකෝමා පරීක්ෂාව සිදුකර ගත යුතු බවත් අක්ෂි වෛද්‍යවරු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart