Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ග නීති කඩන රියැදුරන් ආරක්ෂක කැමරා මඟින් නිරීක්ෂණය කර දඩ පත්‍රිකා නිවසටම ලබාදීමේ පොලිසියේ අලුත්ම ක්‍රියාන්විතය අද (22) සිට දියත් කිරීමට පොලිස් රථවාහන අංශය සැලසුම් කර ඇත.
මෙම ක්‍රියාන්විතය දියත් සිදුකරනු ලබන්නේ කොළඹ නගරය ආශ්‍රිතව පමණක් වන අතර, ඒ පොලිසිය හා ආශ්‍රිත ආරක්ෂක කැමරා පද්ධතියක් ක්‍රියාත්මක වන්නේ, කොළඹ නගරය තුළ පමණක් වන බැවිනි.
මෙම කැමරා පද්ධතිය කොළඹ නගරයේ ස්ථාන 30කට ආසන්න ප්‍රමාණයක් කැමරා 118කින් ආවරණය වන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
කොළඹ නගරයේ කැමරා පද්ධතිය යුද්ධය පැවැති සමයේ දී කොළඹ ආරක්ෂාව මුල්කරගෙන ස්ථාපිත කිරීමට ආරම්භ කරමින් රුපියල් මිලියන 300ක් වැය කර තිබිණි.
එහෙත් මෙම කැමරා පද්ධතියෙන් වැඩගැනීම ආරම්භ වන්නේ 2010 වසරේ දෙසැම්බර් 29 වෙනිදාය. ඒ, ස්ථාන 27ක සවිකළ කැමරා 105ක් මඟිනි.
ඒ වන විට යුද්ධය නිම වී තිබීම හේතුවෙන් මෙම කැමරා පද්ධතිය ප්‍රයෝජනයට ගනු ලබන්නේ පොලිසිය රථවාහන හා අපරාධ පාලන කටයුතු සඳහාය. ඒ සඳහා ආරක්ෂක කැමරා ආවේක්ෂණ අංශයක් ද ස්ථාපිත කරනු ලැබීය.
කොළඹ නගරයට ඇතුළු වන ප්‍රධාන මාර්ග සියල්ලක්ම මෙම කැමරා පද්ධතියෙන් ආවරණය වන අතර, වැල්ලවත්තෙන් ගාලු පාර ද හයිලෙවල් මාර්ගය කිරුලපනින් ද, අවිස්සාවේල්ල පරණ පාර ඔරුගොඩවත්තෙන් ද, නුවර පාර කැළණිය අලුත් පාලමෙන් ද, මීගමුව හලාවත මාර්ගය තොටළඟින් ද, බත්තරමුල්ල මාර්ගය ආයුර්වේදය වටරවුමෙන්ද, වශයෙන් ආවරණය වනු ඇත.
ඒ හැරුණුකොට, ප්‍රධාන මංසන්ධි වන බොරැල්ල, නෙළුම් පොකුණ වටරවුම, බන්ධනාගාරය ඉදිරිපිට, දෙමටගොඩ, තුම්මුල්ල වැනි ප්‍රධාන මංසන්ධි සහ ආරක්ෂක මර්මස්ථාන පිහිටි ප්‍රදේශය ද මෙම කැමරා පද්ධතිය මඟින් ආවරණය වනු ඇත.
පොලිසිය පවසන ආකාරයට අනුව අද සිට ක්‍රියාත්මක වන්නේ නිවෙසට දඩ පත්‍රිකා ලබාදීමේ වැඩපිළිවෙළකි.
මෙම කටයුත්තේ දී දඩ පත්‍රිකාව නිවසට ගෙනවිත් දෙන්නේ පොලිස් නිලධාරීන් විසිනි. ඒ රථයේ ලියාපදිංචි අයිතිකරුටය.
මෙසේ දඩ පත්‍රිකා නිකුත් කිරීමට නීතිමය හැකියාවක් ද මෝටර් රථ පනතින් ලැබී ඇති බව රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේය.
ලියාපදිංචි අයිතිකරුගේ ලිපිනය ඇති ස්ථානයට අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය මඟින් දඩ පත්‍රිකාව නිකුත් කෙරෙන බවත්, ඒ සම්බන්ධයෙන් තාක්ෂණික කාරණා මේ දිනවල සකස් කරමින් සිටින බවත් ඔහු පැවසීය.
මෙහිදී වාහනය පදවන්නේ හිමිකරු නොවන අයෙක් වුවත් දඩය ගෙවන්නට සිදුවන්නේ හිමිකරුටය. එසේම අපේ රටේ ඇතැම් වාහන ඇත්තේ විවෘත පත්‍රිකා ඔස්සේ පුද්ගලයන් කිහිපදෙනෙකු අතින් අත ගොස් සැබෑ ලියාපදිංචි හිමිකරු නොවන අය සතුයම් වාහනයක් තවත් අයෙකුගෙන් මිලදී ගත්තේ නම් එය කඩිනමින් තමන්ගේ නමින් ලියාපදිංචි කරගත යුතුව ඇති බවත්, එසේ නොවන්නේ නම් එය නීතිය ඉදිරියේ වරදක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කීය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart