Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජන ප්‍රසාද දිග් විජය කළ සැබැවින්ම අවිහිංසාවාදියෙකු වූ සිය රැඟුමෙන් ගායනයෙන් මිනිසුන් පිනවූ දේශපාලනයේදී මෙන්ම කලාවේදීත් ජනතාව තුළ ම රැඳුණු විජය හිත හොඳ මිනිහෙකි. සහෝදර ජනතාවගේත් රසික සමූහයේත් හිසට උඩින් නොව හදවත දෙස දයා සිතින් එබී බැලූ පුද්ගලයෙකි.
ශ්‍රී ලාංකේය ප්‍රේක්‍ෂකාභිමානයට පාත්‍ර වෙමින් සිංහල සිනමා වංශ කතාව තුළ මෙතෙක් බිහිවූ ආදරණීයම රංගන ශිල්පියාණන් වූ දිවංගත විජය කුමාරතුංග ශ්‍රීමතාණන්ගේ 78 වනි ජන්ම දිනය අදට (ඔක්. 09 දිනට) යෙදී තිබේ.
කෝවිලගේ බෙන්ජමින් කුමාරතුංග ගම්මුලැදෑනිතුමාට දාව බියටි්‍රස් කුමාරතුංග ආදරණීය මාතාව විසින් තම පවුලේ හතරෙවනි දරුවා ලෙස 1945 ඔක්තෝබර් 09 වෙනි දින ඔහු මෙලොවට බිහි කළාය. කොටහේන ශාන්ත බෙනඩික් විදුහලට මූලික අධ්‍යාපනය සඳහා ඇතුළත් වූ විජය කුමාරතුංගයන් විiාලයේ නේවාසිකාගාරය තුළදී ආගමික චින්තනයන් උකහා ගත්තේ විවිධ වර්ගයේ විවිධ ජාතීන්වල නේවාසික මිතුරු ඇසුරත් සමගය.
පාසලේ දී ඇඳුමෙන් පැලඳුමෙන් ගමනින් බිමනින් අන් සිසුන්ට වඩා කැපී පෙනෙන චරිතයක් වූ ඔහු පාසලේ දක්‍ෂ කථිකයෙකු මෙන්ම ගායකයෙකුද විය. පාසල් විවාධ කණ්ඩායමේ නායකයා වූ විජයගේ, කථිකත්වය කෙසේද යත් අන්තර් පාසල් හොඳම කථිකයා ලෙස රන් පදක්කම දිනාගත් මොහු දක්‍ෂ ක්‍රිකට්, පාපන්දු, රගර්, බාස්කට් බෝල් මෙන්ම පිහිනුම් ශූරයෙකු ද විය.
පාසල් අධ්‍යාපනයෙන් පසුව පොලිස් සේවයට බැඳීමට කිහිප විටක්ම උත්සාහ කළද තම නිවසේ අයගෙන් ඒ සඳහා අවසරය නොලැබුණි. එසේ අවසරය ලැබුණේ නම් අද ඔහු ගැන මෙසේ ලියන්නට නොහැකි වන්නටද ඉඩ තිබුණි. ප්‍රදේශයේ පිහිටි සුප්‍රකට කලායතනයක පුහුණුව සඳහා අයදුම් කළ විජය එහිදී නර්ථනය, රංගනය පිළිබඳව පුහුණුවක් ලබා ගත්තේය. මේ අතරතුර එවක සිටි නවක චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකු වූ සුගතපාල සෙනරත් යාපා නිර්මාණය කළ හන්තානේ කතාව චිත්‍රපටය රඟපෑම සඳහා අවස්ථාව උදාකර ගත්තේය. එය ඔහුගේ නළු ජීවිතයේ ආරම්භයයි. එතැනින් ඇරඹුණ විජය කුමාරතුංග නම් වූ රංගන ශිල්පියාගේ චිත්‍රපට ජීවිතය තුළ රණ තිසර සම්මානය, ජනප්‍රිය නළුවා,විශේෂ කුසලතා සම්මාන සහ හොඳම නළුවා සම්මානය ලබාගත් අවස්ථා බොහෝමය. එමෙන්ම සිල්වර් ලයින් ලේබලයට රූස්ස ගහ ළඟ ගීතය ඇතුළු ගීත හතරක් ඔහු ගායනා කළේය. චිත්‍රපටයකට
ගැයූ ‘ගඟ අද්දර මා’ ගීතය එකල මෙන්ම මෙකලද ඉතාමත්ම ජනප්‍රියයි. අයුක්තියට අසාධාරනයට එරෙහිව සත්‍යය උදෙසාතම කුඩා කල සිටම පැවති කැපවීම විජය දේශපාලන බිමට ඇද දැමුවේය.
1974 දී පමණ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සම්බන්ධව දේශපාලන අවබෝධයන් ලබා ගන්නේ 1975 හොඳ සංවිධායකවරයකු හොඳ පාලකයකු ලෙස බණ්ඩාරනායක ප්‍රතිපත්ති පිළිබඳව පැහැදීමෙන් සිටියේය. බලයේ සිටි ශ්‍රීලනිප රජය ගෙනගිය ආර්ථික, සමාජයීය හා දේශපාලන ක්‍රමය හේතුවෙන් ජනතාවට එම පක්‍ෂය සහ එම ආණ්ඩුවේ පාලනය තිත්ත වී තිබිණි.
ඉන් අනතුරුව 1977 මහා මැතිවරණයේ විජයට කටාන ආසනයේ ශ්‍රීලනිප අපේක්‍ෂකත්වය හිමිවිය. කෙසේ වෙතත් විජය එහිදී මනාප ලැයිස්තුවේ දෙවැන්නා විය. බණ්ඩාරනායක පවුලේ අනුර බණ්ඩාරනායක විජය සමග එක්ව පක්‍ෂයේ දේශපාලනය කටයුතු භාර ගන්නට විය. 1977 මැතිවරණ ව්‍යාපාර සමයේදී බණ්ඩාරනායක පවුලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙනවිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගත් ඔහු අවසන ඇයව හා විවාහ වූයේය. පසුව ඔවුන් දෙදෙනාට විමුක්ති සහ යශෝදරා නමින් දරු දෙදෙනෙක් විය.
මේ දේශපාලන ක්‍රියාකාරකම් අතරේ බණ්ඩාරනායක පවුලේ ඇතිවූ යම් මත ගැටුම් නිසා අර්බුදයක් ඇතිවිය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණය වනවිට සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසිකර තිබිණි. එබැවින් ශ්‍රීලනිප හෙක්ටර් කොබ්බෑකඩුව මහතා අපේක්‍ෂකයා විය. විජය කොබ්බෑකඩුවගේ ජයග්‍රහණයට වේදිකාවට ගොඩවීම, වැළැක්වීම සඳහා ජේ. ආර්. රජය නැක්සලයිට් චෝදනා මත විජය ඇතුළු පිරිසක් සිරගත කරන ලදි. නැවත විජය ඇතුළු පිරිස නිදහස්ව පැමිණි සමයේ රට තුළ වර්ගවාදී කලබලයන් නිර්මාණය වී තිබිණි. ජේ. ආර්.ගේ රජය ප්‍රචණ්ඩත්වය වපුරමින් ද්‍රවිඩ ජනතාව මර්දනය කරමින් කටයුතු කළා මෙන්ම සිහල දේශපාලන පක්‍ෂ ගණනාවක් තහනම් කළේය.
මේ තත්ත්වය තුළ ශ්‍රීලනිප අනුගමනය කළ උදාසීන මෙන්ම නිහඬ වැඩපිළිවෙළ ගැන කලකිරුණු විජය කුමාරතුංගයන් රටට නව නායකත්වයක් ලබාදීම සඳහා ඉදිරිපත් විය. එක් පසෙකින් වාර්ගික අර්බුදය බිහිසුණු යුද්ධයන් බවට පත්වෙමින් තිබිණි. ජාතික සමගිය සඳහා සිදුවන මෙහෙවරක් පේන මානයක් නැත. ජේ.ආර්.ගේ ඒකාධිපතිත්වය තවත් වියරු වැටී රට අඳුරු ආගාධයට තල්ලුවන මොහොතක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රගතිශීලී කඳවුරේ බලවේගය සමග 1984 ජනවාරි 22 දින ශ්‍රී ලංකා මහජන පක්‍ෂය ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සටන්කාමීන් සමග සිදුකරන ජාතිවාදී අරගලය තව තවත් ඔඩු දුවද්දී විජය තවත් පිරිසක් සමග යාපනයට සහ මදුරාසියට ගොස් දෙමළ ජනතාව සහ නියෝජිතයන් මුණගැසෙන්නේ ජීවිතය ගැනද නොසලකාය. සාමයේ පාලම ලෙස කටයුතු කිරීමට විජය කුමාරතුංගයන් ප්‍රමුඛ මහජන පක්‍ෂය කටයුතු කරමින් සිටියේය.
මහජන පක්‍ෂයේ මතය රටට ගෙන යෑමට හැකිවන පරිදි 1987 පෙබරවාරි 13 දින සතිපතා පුවත්පතක් ලෙස ඇස ආරම්භ කළේ පක්‍ෂයේ නිල පුවත්පත වශයෙනි.
ශ්‍රී ලංකා මහජන පක්‍ෂය රට ප්‍රබලතම වාමාංශික බලවේග අතරට එක්වෙද්දී සිනමා නළුවෙකු ගායකයෙකු සහ මානව හිතවාදී එඩිතර දේශපාලනඥයකු ලෙස විජය කුමාරතුංගයන් රටේ ජනප්‍රිය චරිතය බවට ඒ වනවිට පත්ව සිටියේය.
එවකට සිටි බොහෝ දේශපාලන පක්‍ෂ නායකයන්ට මෙන්ම රජයේ නායකයන්ට ද විජයගේ මෙම ජනප්‍රිය භාවය දරාගත නොහැකි තැන තුන්කල් දකිමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මහජන පක්‍ෂය හසුරුවමින් අනාගත රාජ්‍ය පාලනය සහ පාලක පක්‍ෂය බවට පත්වීමේ පෙර මග ලකුණු විජය කුමාරතුංගයන් තුළින් ඉස්මතු වෙද්දී 1988 පෙබරවාරි 16 දින
පොල්හේන්ගොඩ පිහිටි විජය කුමාරතුංගයන්ගේ නිවස අසල දීම ම්ලේච්ඡ වෙඩික්කරුවකුගේ වෙඩි පහරින් මේ අසමසම යුග පුරුෂයා දැයෙන් සමුගත්තේය.
‘මේ මව්බිම අධිරාජ්‍යවාදීන්ගෙන් පිළිකන්නක් කිරීමට ඉඩ දෙන්නේ නෑ එය ඉන්දියාවේ විසිහයවැනි ප්‍රාන්තය කරන්න ඉඩදෙන්නේ නෑ’ මගේ පැතුම දේශද්‍රෝහීන් පලවා හැර ජාතිවාදයෙන් ආගම්වාදයෙන් මිදුන සූරා කෑමෙන් තොර එක්සත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමයි.
ඒ විජය දර්ශනයයි. එකී විජය දර්ශනය විජයග්‍රහණය කරවීම උදෙසා මහජන පක්‍ෂයේ ‘විජය’ ධජය ගෙන අපි පෙරට යන්නෙමු.
උසස් මිනිස් ගුණ රැසක් උරුම කරගත් ස්වර්ණමය මංජුසාවක් බඳු ඔබේ හදවතින් ගලාගිය උණුසුම් ලෝහිත ධාරාවෙන් ජාති කුල ගෝත්‍ර වර්ණ බේදයෙන් කිලිටිව තිබූ අපගේ මාතෘ භූමිය සෝදා පිසඳාලීමට ඔබ අදවන් වූ දිනෙක මේ ලොව ජනිත වූයෙහි.
විජය කුමාරතුංග ශ්‍රිමතාණන් ඔබ අපිට සදාකාලිකයි.
(ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක සහ ප්‍රධාන ලේකම් අසංක නවරත්න දිවයින පුවත්පතට ලියූ ලිපියකි)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart