December 29, 2023

සියයට 18ක නව අගය මත වැට් බද්ද පැනවීමෙන් පසු පෙට්‍රල් මිල ඉහළ ගියහොත්, ජනවාරි මාසයේදී ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ජනවාරි මාසයේ සිට පෙට්‍රල් මිල රුපියල් 50කට වඩා වැඩිවීමට ඉඩ ඇති බවත්, එසේ වුවහොත් ඉන්ධන මිල අනුව පළමු කිලෝමීටරයේ ගාස්තුව ඉහළ යනු ඇති බවත්, එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පවසයි.

”මීට පෙර රජය පෙට්‍රල් මිල වැඩි කළ අවස්ථා වලදී ගාස්තු සංශෝධනයක් කිරීමට අපි කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. නමුත් මෙවර එහෙම ඉන්න බැහැ.

වැඩිවන මිලට අනුව ගාස්තු වැඩි කරන්න වෙනවා. නමුත් වැඩි වූ මිල ගණන් මගීන්ට දරන්නේ කෙසේද යන්න පිළිබඳ ගැටලුවක් තිබෙනවා.” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%