Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීට වසර 15කට පෙර ඕස්ට්‍රේලියාවේ මොනෑශ් සරසවියේ ශාඛාවක් මෙරට විවෘත කිරීමට ආයෝජකයන් පැමිණි මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ඝාතකයන් ඊට විරෝධය දක්වා එය රටෙන් එළවා දැමූ බවත් ඒ හේතුවෙන් රටට හිමිවීමට තිබූ විශාල ආදයමක් අහිමි වූ බවත් එම සරසවි ශාඛාව පිහිටුවා තිබුණේ නම් ලංකාවට වර්තමානයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල හමුවට යෑමට සිදු නොවනු ඇති බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.
ඔහු මේ බව සඳහන් කළේ ‘ජයගමු ශ්‍රී ලංකා’ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වැඩසටහනට සහභාගි වෙමිනි.
මෙවර එම වැඩසටහන පැවැත්වුණේ ත්‍රිකුණාමලය මැක් හෙයිසර් ක්‍රීඩාංගණයේදීය.
ලංකාවෙන් එළවා දැමීමට කටයුතු කළ මොනෑශ් සරසවිය පිහිටි මැලේසියාව එයින් ලබන ආදායම ලංකාවට අහිමි වීමට සැලසූ ජනතා විමුක්ති පෙරමුණේ වාමාංශිකයන් මේ සඳහා වග කිව යුතු බවත් ඇමැතිවරයා එහිදී අවධාරණය කළේය.
“මැලේසියාවේ සම්පූර්ණ ජාතික ආදායමට ඩොලර් බිලියන දෙසීය හතළිහක් මේ වෙනකොට මේ විශ්වවිද්‍යාල පද්ධතිය නිසා හම්බවෙලා තියෙනවා. මැලේසියාවේ විශ්වවිද්‍යාල රැසක් සමග විශ්වවිද්‍යාල මධ්‍යස්ථානයක් බවට මැලේසියාව පත්වෙලා තියෙනවා. ඒ අවස්ථාවට පයින් ගහලා මොනෑශ් විශ්ව විද්‍යාලය අපේ රටෙන් එළවල දැම්මේ මේ රටේ ආර්ථික ඝාතකයෝ. අද මේ රටේ අම්මල තාත්තලා පිටරටවල ගිහිල්ල දුක්විඳලා, අපි ඉල්ලුවාම සල්ලි ටික එවන්නේ, ඩොලර් ටික එවන්නේ, පිටරට ගිහිල්ලා දුක් විඳින්නේ ඒ නිසයි. මේ මාස ගාණටම ඔවුන් ඩොලර් බිලියන දොළහක් එව්වා. ඊට සාපේක්ෂව ලංකාවේ ණය ඩොලර් බිලියන හැත්ත අටයි සියල්ල. මැලේසියාවට ගිය මොනෑශ් විශ්වවිද්‍යාලය මීට අවුරුදු පහළොවකට ඉස්සෙල්ලා අපිට ලංකාවට තියා ගන්න පුළුවන් වුණා නම් අද ලංකාවම අයිඑම්එෆ් යන්න ඕන වෙන රටක් නෙමෙයි. දරුවන් තනි කරලා අම්මලා තාත්තල රට යන්න ඕන රටක් නෙමෙයි. පිටරටින් විදේශ විනිමය අපට එන්නේ අධ්‍යාපන මධ්‍යස්ථානයක් විදියට. ඒක අපිට නැති කළේ අර ආර්ථික ඝාතකයෝ.” යැයි ඔහු සඳහන් කළේය.
විගමනික ශ්‍රමික හරසර අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.
“ඒ කාලෙත් ත්‍රිකුණාමලය වරාය ලෝකයේ අවධානය යොමු වෙච්ච තැනක්. ක්‍රිස්තු පූර්ව යුගයේ ඉඳලම ප්‍රසිද්ධ වරායක් වෙච්ච මේ වරායෙන් බ්‍රිතාන්‍ය අධිරාජයෝ විවිධ අවස්ථාවලදී, දෙවැනි ලෝක යුද්ධෙදිත් මහ දැවැන්ත සහයෝගයක් ලබා ගත්තා. අවසානයේදී ඔවුන් වරාය දාලා යද්දී අපිට මහ විශාල සම්පතක් වන තෙල් ටැංකි ටික අපට දීලා ගියා. හැබැයි අපේ දේශපාලන කඹ ඇදිලි නිසා ඒ තෙල් ටැංකි ටික දිරන්න ඇරලා, මුළු ලෝකෙටම තෙල් බෙදන මධ්‍යස්ථානයක් හැටියට ත්‍රිකුණාමලය තියාගන්න පුළුවන්කම තියාගෙන ඒක නැති කරගත්තා. අපේ වාමාංශික පිරිස තමයි ඕකට කෑ ගැහුවේ. වාමාංශික ව්‍යාපාර හැමතිස්සෙම මේවට විරුද්ධව කෑ ගහලා මේක තෙල් ලෝක මධ්‍යස්ථානයක් කරන්න තිබ්බ අවකාශය අපිට නැති කළා. අදටත් එහෙමනේ ඔය රතු මල්ලිලා කෑගහන්නේ. එදා ඒ වෙලාවේ තෙල් ටැංකි ටික බ්‍රිතාන්‍ය සමාගමත් එක්ක එකතු වෙලා කරන්න තිබිච්ච එක නතර කරලා තෙල් සංස්ථාවේ ඒකාධිකාරය තෙල් සංස්ථාවට දුන්නා. එතකොට තෙල් ටැංකි ටික බහිරවයෝ ගාවට ගියා වගේ ටැන්කි ටික ගිලගත්තා. එයට නැවත වතාවක් ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න ඉඩ දුන්නේ නැහැ. එදා ඒ වෙනකොට සිංගප්පූරු වරායක් ගොඩනැගිලා තිබුණේ නැහැ. සිංගප්පූරුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වෙලා තිබුණේ නැහැ. අද ඒක අපි සිංගප්පූරුවට දීලා එදා ලංකාව බලාගෙන සිංගප්පූරුව හදමු කියපු ලී ක්වාන් යූ ලංකාවේ වමේ ව්‍යාපාරයට ස්තුති කළා වගේම අද සිංගප්පූරුව ලෝකයේ තෙල් වෙළඳ මධ්ය්ස්ථානය බවට පත්වෙලා. අපේ රටේ හැම එකක්ම ජාතික සම්පත් කිය කිය, මේක යකඩ වෙන්න ඇරලා ඒ වාමාංශික ව්‍යාපාර ඉතිහාසයේ හැම දේකටම කළා වගේම මේ කළ ඒවා තමයි ඇත්ත ආර්ථික ඝාතන. දැන් කියනවා ආර්ථික ඝාතකයෝ කියන්නේ ඉලෝන් මස්ක් කියලා. ඉල්ලෝන් මස්ක් නෙමේ, මේ තමයි සැබෑ ආර්ථික ඝාතකයෝ මේ රට ගොඩනැගෙන්න නොදීපු.අහල තියෙනවාද කතාවක් දෙමව්පියන් ඇඹුල් මිදි කෑවම දරුවන්ගේ දත් හිරි වැටෙනවා කියලා. අද අපි වැරදි තීරණ ගත්තොත් රටක් හැටියට අපේ දරුවන්ට තමයි ඒකේ පළ විපාක හම්බ වෙන්නේ. මම ඒක කිව්වේ ඒකයි.” යැයි ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart