42.31%
17.27%
32.76%
September 22, 2023

පසුගිය වසරේ මැයි 09 වැනිදා සිට 11 වැනිදා දක්වා දිවයින පුරා පැතිරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලදී නිවාසවලට හානි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ඇමැතිවරුන්ට වන්දි ලබාදෙන්නේ නම්, එහිදී විනාශවූ බස් රථ සඳහාද වන්දි ලබාදිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වාදෙන්නේ, එහිදී පෞද්ගලික බස් රථ 50කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් බස් රථ 50ක් පමණ අර්ධ වශයෙන් විනාශ වී ඇති බවයි.

“රක්ෂණ සමාගම්වලින් ලැබෙන මුදල් ප්‍රමාණවත් නැහැ. ඇමැතිවරුන්ට යම් ප්‍රමාණයකට වන්දි ලබාගැනීමට ඔවුන් කටයුතු කර ඇතත්, අපේ බස් හිමියන්ගෙන් කොටසකටවත් මේ වන්දිය ලැබුණේ නැහැ. බස් එකකට මිලියන 10ක් දුන්නොත් බස් 50කට කෝටි 50ක් විතර යනවා. ඒක ලොකු මුදලක් නෙවෙයි.” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%