January 1, 2024

වැට් බද්ද පිළිබඳව රකුසෙක් මැවීමට කටයුතු කළහොත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි.

කොළඹ මරදාන ප්‍රදේශයේ දිළිඳු පවුල් වෙත ඊයේ වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

එහිදී හෙතෙම මෙසේද සඳහන් කර තිබේ.

”පසුගිය වසර තිබූ ආකාරය පිළිබඳව සොයාබැලිය යුතුයි. පෝලිම්වල මිනිස්සු හිටියා. නමුත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවත් සමඟ ආර්ථිකය ස්ථාවර කරන්න කටයුතු කළා. දැන් අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වෙලා තිබෙනවා.

වැට් බද්ද වැඩි කරලා ජනතාවට පීඩනයක් එනවා වගේම ප්‍රතිව්‍යුහගතකරණය කරලා ආර්ථික වර්ධනයක් එක්ක ජනතාවට ආදායම් ලැබීමත් සමඟ එම පීඩනය සැහැල්ලු වෙනවා.

මේ කටයුතු කරන්න ස්ථාවර රටක් ඕනෑ නම්, ස්ථාවර රජයක් ඕනෑ නම්, ජනතාව රජය සමඟ විශ්වාසය කටයුතු කරන්න ඕනෑ. දේශපාලනේ හිතලා වැඩ නොකොට රටක් හැටියට එකමුතුව වැඩ කරන්න ඕනෑ.

ඡන්දයක් එනවා එතකොට දේශපාලනය කරන්න පුළුවන්. වැට් බද්ධ පිළිබඳව රකුසෙක් මවලා කටයුතු අවුල් කරන්න යන අය පිළිබඳව නීතියේ ක්‍රියාමාර්ගය තුළ කටයුතු කරනවා”

42.31%
17.27%
32.76%