February 1, 2024

අයිස්ලන්තයේ රේකනස් අගනුවර ආසන්නයේ වසර 800කට ආසන්න කාලයක් නිද්‍රාශීලීව පැවැති ගිනිකඳු සක්‍රීයවීමත් සමග එරට අත්‍යවශ්‍ය බලාගාරයක් සහ ප්‍රදේශයේ නිවාස ලාවාවලින් ආරක්ෂා කිරීම සඳහා තෙමහල් ගොඩනැගිලිවල ප්‍රමාණයේ ප්‍රාකාර තැනීමට අයිස්ලන්ත වැසියෝ පැය 24 පුරාම වෙහෙසෙමින් සිටිති.

තවත් ශත වර්ෂ තුනක් දක්වා ක්‍රියාකාරීව පවතිනු ඇතැයි විශේෂඥයන් අනාවැකි පළකරන මෙම ගිනිකඳු පද්ධති හය, රටේ මුළු ජනගහනයෙන් 8%කට ආසන්න 30,000ක ජනතාවක් වෙසෙන, අයිස්ලන්තයේ නිරිතදිග රේකනස් (Reykjanes) අර්ධද්වීපයේ විහිදී පවතී.

ඔවුන් 2021 සිට මේ දක්වා ගිනි කඳු පිපිරීම් පහක් අත්විඳ තිබේ.

නුදුරු අනාගතයේ දී සිදුවිය හැකි පිපිරීමක් පිළිබඳ අවදානම මධ්‍යයේ, අයිස්ලන්ත බලධාරීහු නොවැම්බර් මාසයේ දී රේකනස් අර්ධද්වීපයේ Svartsengi භූ තාප බලාගාරය වටා ආරක්ෂක තාප්ප ඉදිකිරීම ආරම්භ කළහ.Iceland builds wall to protect power plant from lava

Svartsengiහි හිමිකරු සහ HS Orka බලශක්ති සමාගමේ මෙහෙයුම් ප්‍රධානියා වන Kristinn Hardarson පවසන පරිදි, එතැන් සිට, බුල්ඩෝසර්, කැණීම් යන්ත්‍ර සහ ට්‍රක් රථ 100කට ආසන්න සංඛ්‍යාවක් බලාගාරය වටා නොනවත්වා ක්‍රියාකරයි.

සමස්තයක් වශයෙන්, බලාගාරය ආරක්ෂා කිරීම සඳහා බොරළු ඝන මීටර් 560,000ක් සහ ඝන වූ ලාවා පාෂාණ – ට්‍රක් රථ 20,000ක් පිරවීම ප්‍රමාණවත් වේ.

“ඔවුන්ට ලාවා හරවා යැවීමට සිදුවනවා, ඒ අනුව බාධක අසලින් ගලායනු ඇති. එය නැවැත්වීමට උත්සාහ කළහොත්, ලාවා එකතු වී අවසානයේ බාධක ඉක්මවා යනු ඇති,” යනුවෙන් අයිස්ලන්තයේ සිවිල් ආරක්ෂණ සහ හදිසි කළමනාකරණ ප්‍රධානී විදිර් රෙයිනිසන් රොයිටර්ස් පුවත් සේවය වෙත පවසා ඇත.

අයිස්ලන්තයේ 4,000කට ආසන්න පදිංචිකරුවන් වෙසෙන ප්‍රධාන ධීවර තොටුපළක් වන ග්‍රින්ඩාවික් නගරය වටා ආරක්ෂක ඉදිකිරීම් ද ආරම්භ කර තිබේ.

Iceland to tax housing to pay for lava barriers over volcanic eruption fears – POLITICO

දෙසැම්බර් මාසයේදී අවසන්වරට සිදු වූ පිපිරීමට පෙර නගරයේ පිරිස ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි.

යොදන ලද පළමු බාධකය මගින් Grindavik වෙතින් ලාවා ඉවතට හරවා යැවීමේදී සාර්ථක වූ නමුත් බාධකයේ අනෙක් පැත්තේ ඉරිතැලීම් විවෘතවීම නිසා ලාවා නගරයට පැමිණ ඇතැම් නිවාස ගිනිබත් කළේය.

දැනට ඇති විශාලතම බාධකයක ප්‍රමාණය පළලින් මීටර් 40ක්, උසින් මීටර් 8-10ක් සහ මුදුනේ පළල මීටර් 4ක් වේ.

Grindavik අවට කිලෝමීටර් හතක අර්ධ කවය නිමකිරීමට සති හයක් ගතවනු ඇතැයි අපේක්ෂා කරන බව විදිර් රෙයිනිසන් පවසයි.

ඉංජිනේරුවන්ට අනුව, ලාවාවලින් ආරක්ෂා වීමට ඉතාලියේ, හවායි සහ අයිස්ලන්තයේ මීට සමාන අමුණු හෝ බැමි බැඳ තිබේ.

ඉතාලියේ ක්‍රියාකාරී ගිනි කන්දක් වන එට්නා කන්ද 1991 අගභාගයේදී පුපුරා ගිය විට මීටර් 234ක් දිග සහ මීටර් 21ක් උස බාධකයක් ඉදිකරන ලදි.

එමගින් ලාවා එම ප්‍රදේශය මතින් ගලායෑමට පෙර, ආසන්න වශයෙන් මාසයක කාලයක් රඳවා තබා ගන්නා ලදී.

අයිස්ලන්ත වැසියන් ප්‍රථම වරට හයිමේ දූපතේ ආරක්ෂක පවුරු ඉදිකිරීමට උත්සාහ කළේ 1973 සිදු වූ පිපිරීමක් හේතුවෙන් වෙස්ට්මන්නායිජාර් නගරයේ මුළු ජනගහනයම ඉවත් කිරීමට සිදුවීමත් සමගය.

Iceland builds defences for a future of increased volcanic activity | Reuters

එතැන් සිට බොහෝ පිපිරීම් අයිස්ලන්තයට බලපා ඇති නමුත් ඒවා සාමාන්‍යයෙන් නගරවලින් සහ තීරණාත්මක යටිතල පහසුකම්වලින් ඈත්ව සිදුව තිබේ.

2021 දී Reykjanes අර්ධද්වීපයේ ගිනිකඳු ක්‍රියාකාරකම් ආරම්භ වූ විට, ආරක්ෂාවක් ගොඩනැගීමට යළිත් අලුතින් උත්සාහයන් ගන්නා ලදී.

බාධක කොතරම් උස සහ බෑවුම් සහිත විය යුතුද යන්න ඉංජිනේරුවන් විසින් සැලසුම් කර සියුම් ලෙස සකස් කිරීමට උත්සාහ කරයි.

සිවිල් ආරක්‍ෂාව සඳහා වූ දෙපාර්තමේන්තුව ද උණු වතුර නල මාර්ග පොළොව යට ගැඹුරට හාරා ඒවා ආරක්‍ෂා කිරීම සඳහා විදුලිබල හා ටෙලිකොම් මාර්ග ඉහළට එසැවීමට පියවර ගෙන ඇත.